
කුඩා කල පටන් වසර දොළහක් කොළඹ ආනන්දයේ මූලික අධ්‍යාපණය ලැබූ මා ඉන් අනතුරුව නාට්‍ය කලාව, ඡායාරූපකලාව සහ ජනමාධ්‍ය කලාව හදාරා පසුව ජීවන වෟත්තිය ලෙස පුවත් පත් කලාව තෝරා ගත්තෙමි. ආධුණික ලේඛකයෙක් සහ ඡායාරූප ශිල්පියෙකුත් ලෙස මාධ්‍ය කලාවට පිවිස ජාතික පුවත් පතක ප්‍රවෟත්ති ඡායාරූප ශිල්පියකුව සිටියදී පසුව තිස් වසරක් පුරා ඇදී ගිය ලංකාවේ සිවිල් යුද්ධයේදි සජීවි යුධ බිමට යාමට ලැබුනු පලවන ලාංකීය ඡායාරූප ශිල්පියා වූයේ 1991 ජූළි 14 වන සහබාගි වූ ” බලවේගය 1″ යුධ මෙහෙයුමේ දීය.
ඉන් අනතුරුව ජාත්‍යන්තර රොයිටර් ප්‍රවෟත්ති සේවාවෙි ශ්‍රී ලාංකීය ප්‍රවෟත්ති ඡායාරූප ශිල්පියා ලෙස පත් වුනෙමි. ඒ යටතේ හොංකොංහි දී සහ ලංඩනයේදී ජාත්‍යන්තර මාධ්‍ය සේවා පිළිබඳ විශේෂ පුහණුවීම් ලැබුවෙමි. එම කාලය තුල ලංකාව සහ මාළදිවයන් රාජ්‍ය සම්බන්ධ ප්‍රවෟත්ති ඡායාරූප රොයිටර් පුවත් සේවය හරහා ලෝකය පුරා පුචාරය කිරීමේ වගකීම දැරූ අතර විශේෂයෙන් ලංකාවේ සිවිල් යුද්ධයේ සිදුවීම් වලට සමීපව සිටිමින් රජයේ හමුදා මෙන්ම දෙමළ කැරළිකරුවන්ගේ ප්‍රදේශ වලද ඡායාරූප ගත කිරීම් වල යෙදුනෙමි. එහිදී හත් වතාවක් පමණ මාරාන්තික අණතුරු වලින් ගැලවුන අතර එක් වතාවක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වී තුවාල ලැබුවෙමි.
යුද්ධයේ අවසාන අදියරය ආසන්නයේදී ආරම්භ වූ රාජ්‍ය මාධ්‍ය මර්ධණයත් සමග ලංකාවෙන් බැහැර වූ මා එක්සත් රාජධාණිය මගේ වාසස්ථානය කරගත්තේ වසර දහ අටක ජාත්‍යන්තර ප්‍රවෟත්ති සේවා වෟත්තියටද සමු දෙමිනි.
අද මා මෙහි ඇති පුජාතන්ත්‍රවාදී මානව නිදහසත් කිසිවකු මරා දමාවි හෝ පැහැරගෙන යාවිය යන බියකින් තොරව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසත් භුක්ති විඳිමි. එවන් නිදහසක් මගේ රටේ සිටින නෑදෑයන්, මිත්‍රයන් සහ තරුණ පරම්පරා විඳිනු දැක්ම මගේ එකම ප්‍රාර්ථනාවයි.
අද අප ප්රවිශ්ඨව සිටින්නේ සංනිවේදනය විසින් ලෝකය එක මිටකට ගත් අවධියකටය. රටින් රටට පාලකයාගෙන් පාලකයාට ජන සංනිවේදනයේ මුඛ්‍යාර්ථය තමන්ට ගැලපෙන පරිදි අර්ථ දැක්වූවත් අපට එක කරුණක් පැහැදිලිය. එනම් ජනසංනිවෙිදණය විසින් සමාජයට කරනු ලබන බලපෑම කිසිවෙකුට ප්‍රතික්ෂේප නොකළ හැකි බවයි. ඇමරිකාවෙි සිට ලංකාව දක්වා පාලකයන් ජන සංනිවේදණයේ දිග පලල තමන්ගේ අභිප්ප්රායේ සීමාව තුල තබා ගැනීමට උත්සාහ කරණු ලබන්නේ එහෙයිනි. වෙබ් අවකාශය තුල “සුළඟේ දිසාව” පෙනී සිටිනුයේ ජෝර්ජ් ලොයිඩ් වැනි පයට පෑගෙන මිනිසුන් වෙනුවෙන් වන අතර මානව හිතවාදයට දේශ සීමා නැතිවාක් මෙන්ම ආගම හෝ ජාතියද සීමාවක් නොවේ.
දේශීයවත් විදේශීයවත් භූගෝලීය සීමාන්ගෙන් තොරව සිදුවීම් වන සිදුවීම් දෙස අපගේ දෘෂඨි කෝණයෙන් මෙහි ඉදිරිපත් කරන තොරතුරු නැණ නුවනින් යුතුව ග්‍රහණය කර ගැනීමට ඔබට ඇති හැකියාව පිළිබඳ අප විශ්වාසය තබමු. සදාචාර සම්පන්න නිවහල් සමාජයක අපගේ දරුවන් ජීවත් වීමේ සිහින දකින ඔබත් අපත් ජන සංනිවේදනයට එහිදී ඇති කල හැකි බලපෑම හොඳින් හඳුනන්නෙමු. අර්බුධයට ගිය සම්ප්‍රදායික ජනමාධ්‍ය කලාවේ සිට අන්තර්ජාල මාධ්‍ය කලාවට ප්රවිශ්ඨ වූ ඔබ ඉදිරියේ ඇති අසීමිත තෝරා ගැනීම් අතර අප වෙත මෙසේ එබී බැලීම අගය කරමු.
ඔබගේ ක්‍රියාකාරී සහය මෙය පවත්වාගෙන යාමට අපට අත්‍යවශ්‍ය සධකයකි. වචනයකින් හෝ ඔබ දක්වන ප්‍රථිචාරය වඩාත් විශ්වසනීය පැවැත්මකට අපට අවශ්‍ය ධෛර්ය ලබා දෙයි. ඔබ දන්නා තොරතුරක් පොදු ජනතාව දැනගත යුතු යයි ඔබ වීශ්වාස කරයි නම් එය නම් තහවුරු කර ගැනීමෙන් පසු මෙහි පලකරන්නට මාත් මගේ කණ්ඩායමත් සූදානම්ය.
සුළඟේ දිසාව කණ්ඩායම වෙනුවෙන්
සංස්කාරක
අනුරුද්ධ ලොකුහපුආරච්චි
ඔබේ අදහස් සහ අප සමග සම්බ්ධන්ද වීම පහතින්