

කොවිඩ් 19 ගෝලීය වසංගතයෙන් දරුණු ලෙස පීඩාවට පත් ඉන්දියානු සිනමාවේ ප්‍රධාන සංකේතක් බඳු අමිතාබ් බච්චන් නැවත සිනමා රූප ගත කිරීම් වලට සහභාගිවන බව ඉන්දියාවෙන් වාර්තාවේ. කොවිඩ් 19 වැළඳීමෙන් පීඩාවට පත්ව රෝහල් ගතව සිටි ඉන්දියානු සිනමා තරුව ඔහුගේ බ්ලොග් අඩවියේ චායාරූප සහිතව සටහන් තබා ඇත. ” who want be a millionaire” නම් වූ බ්‍රිතාන්‍ය ක්‍රිඩා රූපවාහිණී වැඩසටහනේ ඉන්දියානු අනුවාදය වන “උන් බෙනෙගා ක්රොර්පති” නම් වූ රූපවාහිණී වැඩ සටහනේ පටිගත කිරීම් සඳහා සහබාගි වීමෙන් ඔහු ඔහුගේ රසිකයන් මවිතයට පත්කරයි.

පුද්ගලික ආරක්ෂණ ආවරණ ඇඟළුම් සහිතව චිත්‍රාගාරයේ වැඩ කරන ශිල්පීන් අතර ඔහු මුහුණු ආවරණය සහිතව දර්ශණ තලයට ඇතුළු විය. කොවිඩ් 19 වෙනුවෙන් සති තුනක ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු බච්චන් නැනාවතී රෝහලෙන් පිටව ගියේ අගෝස්තු 2 වන දිනය.
77 හැවිරිදි නළුවාගේ කාර්ය මණ්ඩලය දැඩි ආරක්ෂක විධිවිධාන අනුගමනය කරන බව හෙළි කළද, බච්චන් නැවත රූපගතකිරීම් සඳහා පැමිණීම අන්තර්ජාලය හරහා ප්‍රතික්‍රියා කිහිපයක් ඇති කර ඇති අතර ඔහුගේ සෞඛ්‍යය පිළිබඳව බොහෝ දෙනාගේ කනස්සල්ල පළ වී තිබේ.
ඉන්දියාව කොවිඩ් 19 න් වැඩිපුරම පීඩා විඳින රාජ්‍යයන්ගෙන් එකක් වන අතර 60,000 වඩා මිය යමින් පසු ගියදා කොවිඩ් 19 වැළඳුන සංඛ්‍යාව මිළියන 3 ඉක්මවීය.
Leave a Reply