
ප්රවෘත්ති ඡායාරූප කලාවෙි තීරණාත්මක පරිවර්තණයකට මුල පුරමින් ලෝකයේ විශාලතම ප්‍රවෟත්ති ඒජන්සි තුනෙන් එකක් වන ඇමෙරිකානු ප්‍රවෟත්ති ඒජන් සිය “ඇසෝසියේටඩ් ප්‍රෙස්” (AP) මෙතැන් සිට සෝනි කැමරා පමණක් භාවිතා කරනු ඇත. සෝනි ෂටරයේ නිහඬ බව මෙම තීරණයට ප්‍රධාන හේතුව වෙයි.
“සෝනි කැමරාවල ඇති නව දර්පණ රහිත තාක්ෂණය මුළුමනින්ම නිහඬ ඡායාරූප ගැනීමක් සඳහා ඉඩ සලසයි. එයින් අදහස් කරන්නේ අපගේ ඡායාරූප මාධ්‍යවේදීන්ට අවට දර්ශනවලට බාධා නොකර පරිසරයේ වැඩ කළ හැකි” බවයි. ඒපී ඡායාරූප අධ්යක්ෂ ජේ ඩේවිඩ් අකේ පැවසීය. “මෙය ඡායාරූපකරණයෙහි විශාල ඉදිරි පිම්මකි.”
“ඇසෝසියේටඩ් ප්‍රෙස්” සෝනි සමඟ ව්‍යාපාර එකඟතාවයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව ලෝකය පුරා සිටින AP ප්රවෘත්ති ඡායාරූප ශිල්පීන් නුදුරේදිම කැනන් හෝ නිකොන් කැමරා වෙනුවට සෝනි කැමරා සහ කාච පමණක් බාවිතා කරනු ඔබ දකිනු ඇත.
1846 දී ආරම්භ කරන ලද AP යනු ලෝකයේ වඩාත්ම බලගතු ප්රවෘත්ති ජාලයක් වන අතර ගෝලීය ජනගහනයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් දිනපතා ඔවුන් සපයන පුවත් පරිහරණය කරයි. මේ සමගම ලෝකයේ ප්‍රවෟත්ති ඡායාරූප ක්ෂේත්රය තුල කැනන් සහ නිකෝන් සතුව සම්ප්‍රධායික බල අධිකාරිය බිඳ වැටෙනු ඇත.
මෙම ගනුදෙනුවට AP ය සඳහා පූර්ණ-රාමු ඇල්ෆා කැමරා, 4K XDCAM වීඩියෝ කැමරා සහ සෝනි හි ඊ-මවුන්ට් කාච සහ ජී එම් කාච ඇතුලත් වනු ඇත. මේ අනුව සියලුම AP කාර්ය මණ්ඩලය එකම කැමරා සන්නාමයකින් සමන්විත වන අතර ඔවුන්ට එකිනෙකා අතර කට්ටල හුවමාරු කර ගැනීමට සහ වැඩ ප්‍රවාහය විධිමත් කිරීමට හැකි වේ.
“සෝනිගේ නවෝත්පාදන ඉතිහාසය AP හි අවශ්‍යතාවයන් සමඟ සහ දෘශ්‍ය පුවත්පත් කලාවේ අනාගතය පිළිබඳ අපගේ දැක්ම සමඟ ගැලපේ” යැයි ඇසෝසියේටඩ් ප්‍රෙස්හි දෘශ්‍ය හා ඩිජිටල් පුවත්පත් කලාවේ නියෝජ්‍ය කළමණාකාර කර්තෘ ඩර්ල් මැක්ක්රඩන් පවසයි.
“අපගේ සාමාජික ප්රවෘත්ති ආයතන සහ ලොව පුරා සිටින ගනුදෙනුකරුවන්ට හොඳම ඡායාරූප ලබා දීමට AP කැපවී සිටී. සෝනි හි අති නවීන උපකරණ හා තාක්ෂණය යොදා ගැනීම මගින් අපගේ ඡායාරූප ශිල්පීන්ට සහ වීඩියෝ මාධ්‍යවේදීන්ට වේගවත් හා නම්‍යශීලී වීමට ඉඩ සලසමින් අවසානයේදී වඩා හොඳ දෘශ්‍ය ජනමාද්‍ය කලාවක් නිර්මාණය කරයි. ”
ඓතිහාසිකව, වෘත්තීය මට්ටමේ කැමරා වන කැනන් ඊඕඑස් -1 ඩී එක්ස් මාර්ක් III සහ නිකොන් ඩී 6 ප්‍රධාන වශයෙන් ප්‍රවෟත්ති ඡායාරූප ශිල්පීන් බාවිතා කරන කැමරා වේ.
Leave a Reply