
බොලිවුඩ් නළු සුසාන්ත් සිං රාජ්පුත් සියදිවි නසාගෙන සති කිහිපයකට පසු, ටික් ටොක් තරු සියා කක්කාර් ගේ සිය දිවි හාන් කර ගැනීම ඉන්දියානුවන් කම්පනයට පත් කර ඇති අතර බොහෝ දෙනෙක් සමාජ මාධළු වෙබ් අඩවි ඔස්සේ තරුණයින් අතර මානසික සෞඛ්‍යය ගැන සාකච්ඡා කරති.
මිලියන 1.1 කට අධික අන්තර්ජාල රසික පිරිසක් සිටින 16 හැවිරිදි සියාකකාර් දැරිය දිල්ලි ටික්ටොක් හි ජනප්‍රිය මුහුණකි. ඇය සිය සමාජ මාධ්‍ය නාලිකා වල ඉතා ක්‍රියාශීලී වූ අතර නිතිපතා ඇගේ ගිණුම්වල නර්තන වීඩියෝ නිතරම පළ කරනු ලැබීය. ඇගේ කළමනාකරු අර්ජුන් සරින් පැවසුවේ ඊයේ සවස් වන තුරුම ඇය හොඳින් සිටින බවයි. ඇත්ත වශයෙන්ම, ඇය බදාදා සවස ද නර්තන වීඩියෝවක් පළ කර තිබුණි.
ඇයට සිටික්ටොක් හි මිලියන 1.1 ක් සහ ඉන්ස්ටග්‍රෑම් හි අනුගාමිකයින් 91,200 ක් සිටියහ. මෙතරමි කුඩා තරුණ වයසෙදි ජීවිතයේ සියදිවි හානි කර ගැනීමට තරම් දරුණු වැරැද්දක් සිදුවිය හැක්කේ කුමක් නිසාද යි බොහෝ දෙනෙකු අදහස් පල කරති.
ඉන්ඩියා ටඩේ පුවත්පතට අනුව: “ඇගේ මරණය පිළිබඳ පුවත ඇගේ කළමනාකරු අර්ජුන් සාරින් විසින් සනාථ කරන ලදී. ඔහු කියා ඇත්තේ, ‘මෙය පෞද්ගලික දෙයක් නිසා විය යුතුය … ඇය හොඳින් වැඩ කරමින් සිටියාය. නව ව්‍යාපෘතියක් සඳහා මම ඇය සමඟ ඊයේ රාත්‍රියේ වචනයක් කතා කළ අතර ඇය සාමාන්‍ය ලෙස කතා කළාය. මා සහ මගේ සමාගම බොහෝ කලාකරුවන් කළමනාකරණය කරන අතර, සියා දීප්තිමත් දක්ෂයෙක් විය.” මම යන්නේ ප්‍රීත් විහාර්හි ඇගේ නිවසටයි යන අතර ඔහු පැවසීය.

බොලිවුඩ් ඡායාරූප ශිල්පී වයිරල් බයනි ඉන්ස්ටග්‍රෑම් සටහනක මෙසේ ලිවීය: “කනගාටුදායක ආරංචිය 16 හැවිරිදි මිහිරි ටික්-ටෝකර් සියා කකර් සියදිවි නසාගෙන මිය ගියේය. මෙය ප්‍රකාශයට පත් කිරීමට පෙර මම ඇගේ දක්ෂතා කළමනාකරණ ඒජන්සියේ ප්‍රධානී අර්ජුන් සාරින් සමඟ කතා කළෙමි. ඔහු පවසන්නේ ඇය හොඳ මනෝභාවයකින් හා හොඳින් සිටින බවය. මෙවන් දෙයක් සිදුවන්නට හැකි බවට ඉඟියක් වත් ඔහු ලැබී නැත.”
සියදිවි නසාගැනීම් කිසිදු ගැටලුවකට විසඳුමක් ලෙස නොසලකන ලෙසත්, එළියට පැමිණ ගැටලුව ගැන කතා කරන ලෙසත්, පවුලේ අය හෝ ඔවුන්ට සමීප පුද්ගලයින් සමඟ සාකච්ඡා කරන ලෙසත් බොහෝ අය ටුවිටර් හරහා තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටියේය.
ෆේස්බුක් පරිශීලක රාඛි චන්ද්‍රා මෙසේ පළ කර තිබුණි, . “සුෂාන්ත්ගෙන් පටන් ගෙන පසුගිය සති කිහිපය තුළ බොහෝ යෞවනයන් සියදිවි නසාගැනීම් දැක තිබේ. කරුණාකර තේරුම් ගන්න ඔබ සොයන්නේ නම් ඔබට උදව් ඇති බව. තරුණ, බුද්ධිමත් පුද්ගලයන් සිය දිවි නසා ගැනීම දැකීම ඇත්තෙන්ම කනගාටුවට කරුණකි. අපි ඔවුන්ගේ මානසික සෞඛ්‍යය ගැන බැරෑරුම්ව සැලකිය යුතුයි.
ෂානි කයින්ඩ් නම් අයෙකු සටහන් කර තිබුනේ ” අර්ථය සහ ජීවිතය ප්‍රතික්ෂේප කරන තරමට අන්තර්ජාල සමාජ මාධ්‍ය බරෑරුම් ලෙස සළකණ මේ දරුවන් ගැන මට කණගාටුවක් නොසිතේ. මෙම වයසේ සිටින අය සැබෑ ලෝකයට මුහණ දීමට ඉගෙන ගත යුතු මුත් ඔවුන් සිතන්නේ සැබෑ ලෝකය යනු අන්තර්ජාල ලෝකය කියාය”
සියා කකාර් මරණයට හේතුව තවමත් අනාවරණය වී නොමැත. කෙසේ වෙතත්, වාර්තා වලට අනුව, ඇගේ පවුලේ අය ඇයගේ මරණය පිළිබඳව සවිස්තරාත්මක පොලිස් පරීක්ෂණයක් ඉල්ලා ඇත.
අනුරුද්ධ ලොකුහපුආරච්චි
මූලාශ්‍ර – ඉන්දියා ටුඩේ, ටුවිටර්, ඉන්දියානු සිනමාවේ ස්වයංඝාතන
Leave a Reply