
සංරක්ෂිත ඡායාරූපය – දකුණු මුහුදට යැවූ ඔස්ට්‍රේලියානු එච්.එම්.ඒ.එස්. කැන්බරා යුධ නැවක්. මිසයිල් නිරීක්ෂණ සංවේදික, රෆායල් මි.මි.24 දුරස්ථ ඉලක්ක තවක්කු හතරක් බුෂ්මාස්ටර් මි.මී. M240 7.62 මැෂින් තුවක්කු හයක් සහ හෙලිකොප්ටර් 18 ට ඉඩ ඇතිව 6 ක් රැගෙන යයි.
සති අන්තයේ ආරම්බ වූ දකුණු චීන මුහුදේ චීනය සජීවී යුධ අභ්‍යාසය ඔස්ට්‍රේලියාවේ දැඩි අවධානය යොමුව ඇත. දකුණු මුහුදු කලාපයේ චීනයේ හැසිරීම අග්නි දිග ආසියාව යුද්ධයක මුව විටට ගෙන ගොස් ඇත.
දකුණු මුහුදේ සාමය පවත්වා ගැනීමටත්, මුහුද හරහා යාත්‍රා නිදහසේ ගමන් කිරීම සහතික කිරීමටත් එක්සත් ජනපදය මේ වන විටත් මැදිහත් වී ඇති නමුත් බීජිනය සිය හිමිකම් පෑමට නිරන්තරයෙන් සිය සීමාවන් තල්ලු කරමින් සිටීමට ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රතිචාර දක්වමින් සිටී. චීනයේ සජීවී අවි වලින් කරන ලද හමුදා අභ්‍යාසයත් සමග ඇතිවූ ආතතිමය තත්වය විසින් ඔස්ට්‍රේලියානු නාවික හමුදාව එම පෙදෙසට යැවීමට තීරණය කර ඇත.

මහජන විමුක්ති හමුදාවේ (පීඑල්ඒ) දක්ෂිණ තියටර් කමාන්ඩ් යටතේ නාවික ගුවන් හමුදාවේ සේනාංකයක් දකුණු චීන මුහුද ප්‍රදේශය පුරා සජීවි ආයුධ වලින් කරන අභ්‍යාස මාලාවක් සටහන් වීඩියෝවක් චීන ජනමාධ්‍ය අතර සංසරණය විය. මේ අතර “බලවත් පතොරම්” සහිතව නැව් විනාශක හා ගුවන් යානා නාශක ධාරිතාව පරීක්ෂා කිරීම සඳහා තමන් හමුදා අභ්‍යාසයක යෙදෙන බව චීනය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේය.
භෞමික හා සමුද්‍රීය ඉල්ලීම් සඳහා චීනයට “නීතිමය පදනමක්” නොමැති බව පවසන ඔස්ට්‍රේලියාව තම කැන්බරා යුධ නැව් පහක් එම ප්‍රදේශයට යොදවමින් එක්සත් ජනපදයට හා ජපාන හමුදා සමග එක් විය.
මේ අතර ඇමරිකාව 2016 දී ට්‍රම්ප් බලයට පත් වූ දා සිටම චීනය සමග වාචික ගැටුමක නිරත වී සිට දැන් එය හමුදාමය ගැටුමක් දක්වා වර්ධණය වී ඇත. දකුණ චීන මුහුදේ ඔස්ට්‍රේලියානු නාවික හමුදා ශක්තිය වර්ධනය කරන ලෙස ට්‍රම්ප් පරිපාලනය බලපෑම් කල අතර චීනය සමග ඇති උණුසුම් සහගත තත්වය සමනය කිරීමට ඇමරිකාව කරන්නේ කුමක්දැයි සාකච්ඡා කරන ලෙස එළඹෙන අමාත්‍ය සාකච්ඡා පාවිච්චි කරන ලෙස ඔස්ටෙු්ලියානු ලෙබර් සන්ධානය ඉල්ලා තිබේ.
[…] […]