
කරුණා එකල නියෝජණය කල එල් ටී ටීය විසින් 1998 ජනවාරි 25 වන දින එල්ල කල බෝම්බ ප්‍රහාරයෙන් නුවර දලදා මාළිගාවේ විහාර ගේ තුල තිබූ බුද්ධ ප්‍රථිමා බිම වැටී හිස් බිඳී මා එහි යනවිට තිබුනේ මෙසේය.
සටහන සහ චායාරූප- අනුරුද්ධ ලොකුහපුආරච්චි විසිනි
හරියටම මීට වසර තිහකට ඉහත එනම් 1990 ජූනි මාසෙ 10වන දින කරුණා විසින් නැගෙනහිර පලාතේ එල් ටී ටී අණදෙන නිලධාරියාව සිටියදී ආර් ප්‍රේමදාසගේ ආණ්ඩුවේ සාම ප්රයත්නය කඩා වැටීමත් සමග දෙවන ඊලාම් යුද්ධය ආරමිභ කරමින් නැගෙනහිර පලාතේ පොලිස් ස්ථාන අත්පත් කර ගත්තේය. එහිදී යටත් වන ලෙස නිකුත් වූ රජයේ නියෝගයෙන් අන්දමන්දව සිටි 600ක් පමණ වූ මුස්ලිම් සිංහල පොලිස් නිලධාරීන් කරුණාගේ අණට යටත් විය. යටත් වූ ඒ හයසියයක් පමණ පොලිස් නිලධාරීන්ව කරුණාගේ අණ යටතේ සමූලඝාතනය කෙරූ අතර පසුව ඔක්තොබර් මාසයේදී ප්රභාකරන්ගේ අණ යටතේ ඔහු විසින් 28,000 පමණ මුස්ලිම් ජනගහණය නැගෙනහිරින් එළවා දැමීය.

දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ හිටපු කැරළි නායකයකුව සිට වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ සහෝදරයා වන හිටපු මහින්ද රාජපක්ෂගේ දේශපාලන සගයකු බවට පත් වූ විනයමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කල දේශපාලන ප්රචාරක කතාවකින් මේ දිනවල මහ මැතිවරණයකට සූදානම් වන කොළඹ දේශපාලනය උණුසුම් වී ඇත.
එළඹෙන මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට සහාය ලබා ගැනීම සඳහා නැගෙනහිර ප්‍රදේශයේ තිබූ රැස්වීමකදී ඔහු කියා සිටියේ, තමාට මැතිවරණයෙන් පසු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇතුළු වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ආරාධනා කල බවත් තමා එය ප්‍රතික්ෂේප කලේ ජනතාවගේ කැමැත්තෙන් පාර්ලිමේන්තුවට යාම සඳහා බව පැවසීය.
තමා එල් ටී ටී සංවිධානයේ සිටින විට අලිමංකඩ කඳවුරේ සිටි 2000 ත් 3000 ත් අතර සංඛ්‍යාවක් සෙබළුන් එක රැයින් මරා දමූ බවත් කියා සිටි හිටපු දෙමළ සටන්කාමී නායකයා තමාගේම දේශපාලන පක්ශයක් හරහා මැතිවරණය ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට ගොස් මහින්ද රාජපක්ෂට සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වේ.
හරියටම මීට වසර තිහකට ඉහත එනම් 1990 ජූනි මාසෙ 10වන දින කරුණා විසින් නැගෙනහිර පලාතේ එල් ටී ටී අණදෙන නිලධාරියාව සිටියදී ආර් ප්‍රේමදාසගේ ආණ්ඩුවේ සාම ප්රයත්නය කඩා වැටීමත් සමග දෙවන ඊලාම් යුද්ධය ආරමිභ කරමින් නැගෙනහිර පලාතේ පොලිස් ස්ථාන අත්පත් කර ගත්තේය. එහිදී යටත් වන ලෙස නිකුත් වූ රජයේ නියෝගයෙන් අන්දමන්දව සිටි 600ක් පමණ වූ මුස්ලිම් සිංහල පොලිස් නිලධාරීන් කරුණාගේ අණට යටත් විය. යටත් වූ ඒ හයසියයක් පමණ පොලිස් නිලධාරීන්ව කරුණාගේ අණ යටතේ සමූලඝාතනය කෙරූ අතර පසුව ඔක්තොබර් මාසයේදී ප්රභාකරන්ගේ අණ යටතේ ඔහු විසින් 28,000 පමණ මුස්ලිම් ජනගහණය නැගෙනහිරින් එළවා දැමීය.
ඔහුගේ මතවාදයන්ට විරුද්ධ දෙමළ මාධ්‍ය වේදීන් නිහඬ කිරීමට ඔහු යටතේ සිටි ඝාතක කණ්ඩායමි යෙදූ බවට දේශ සීමා රහිත මාධ්‍යවේදියෝ සංවිධානය විසින් ඔහුට එරෙහිව චෝදනා කලේය.
එල් ටී ටී සංවිධානයෙන් ඉවත් වන බවට කරුණා විසින් නිවේදනය කරණු ලැබුවෙි ප්රභාකරන් විසින් කුළ වෙනස් කම් මත කරන ලද මදිපුංචිකම් මත වුවත් ආසන්නම හේතුව වූවේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වූ සාම ගිවිසුම යටතේ සාම සාකච්ඡා සඳහා වරින් වර යෙදුනු විදේශ සංචාර වලදී විඳි සුඛෝපබෝගී ජීවිතයේ රස බව නොරහසකි. 2004 මාර්තු 11 වන දින තොප්පිගල මීනාහ්කම් කඳවුරේදී මේ ලියුම්කරු ඉදිරියේ ඔහු දෙමළ ජනයාගේ එකම ගැළවුම්කරු බවට ඇති එල් ටී ටී යේ ප්‍රකාශය ප්‍රතික්ශේප කල අතර “ප්රභාකරන්ට ධනාත්මක නායකත්ව ගුණාංග නැහැ” යි පුකාශ කලේය.
පසුව එල් ටී ටීය කඳවුරට පහර දී එය අත් කරගත් අතර ඔහු කොළඹට පලා විත් රාජපක්ෂලාගේ බලු කුක්කා බවට පත් විය.

2005 පෙබරවාරි 2 දා රනිල් වික්‍රමසිංහ රජයේ සාම ගිවිසුම අතර මැදදී එය කඩාපල් කිරීමේ කුමන්ත්රණයේ කොටසක් ලෙස ක්‍රියාත්මක වූ එල් ටී ටී නැගෙනහිර දේශපාලන නායකයා වන කෞෂල්‍යන් ඝාතනයට යොදාගෙන තිබුණේ මේ කරුණාගේ කුළී හේවායන්ය. එම ප්‍රහාරය නැගෙනහිර පලාතේ රජයේ ප්‍රධාන හමුදා සංකීර්ණය වන වැළිකන්ද කඳවුර සහ පුහාරය වූ මාර්ගය මීටර් පන්සීයක පමණ ලඳු කැලෑවකින් පමණක් වෙන්ව තිබූ බව අතර හමුදා කඳවුරේ අණුදැනුමක් නොමැතිව පුහාරය සිදුවිය නොහැකි බව ඒ මොහොතේ එහි සිටි මෙි ලියම්කරුගේ නිරීක්ෂණයයි. එම ප්‍රහාරය විසින් සටන් විරාමයෙන් ඉවත් වීමට මග සොයමින් සිටි එල් ටී ටීයට ඉතා හොඳ හේතුවක් සැපයුනු බව පසුව සිදුවූ සිදු වීම් වලින් පෙනේ. එසේම කුමන්ත්‍රණ සැළසුමෙි පථිපලය ඉන් පසු දකණේ වූ දේශපාලන චලනයන් තහවුරු කරයි. මේ අතර එයින් එල්ලවූ පීඩාව තුල චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ වැදගත් අමාත්‍යංශ තමා යටතට පවරා ගත් අතර අනතුරුව තම අණුප්රාප්තිකයා ලෙස මහින්ද රාජපක්ෂව නම් කරනවා හැර ඇයට විකල්පයක් නොවීය.
ඉන්පසුව ඇදී ගිය යුද්ධයේදී කරුණාගේ සන්නද්ධ කණ්ඩායම පසුබිම් සහායක කටයුතුවල යෙදුන අතර ඒ වකවානුවේ නැගෙනහිර පලාතේ සිදු වූ රවි රාජ් වැනි බොහෝ දේශපාලන ඝාතන පිටුපස කරුණාගේ දෙමළ කුළී හමුදාව සිටින බව නැගෙනහිර පලාතේ ජනයා අතර ප්‍රසිද්ධ රහසකි.
2006 නොවැම්බර් මස වාකරේහමුදා මෙහෙයුම අතර තුර රජයේ පාලන ප්‍රාදේශයේ අනාථ කඳවුරක් තුල ළමයින් ගෙනයමින් සිටි කරුණාගේ කුළී හේවායන් මේ ලියුම් කරුගේ නිරීක්ෂණයට හසු විය. එහිදී ලියුම් කරු ගත් ඡායාරූප ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා අයිතිවාසිකම් කමිටුව ළමා සොල්දාදුවන් බඳවා ගැනීමට සහය දැක්වීම පිළිබඳ රජයට චෝදනා කරමින් නිවේදනයක් නිකුත් කලේය. ඒ පිළිබඳ උරණ වූ එවකට නැගෙනහිර පලාතේ රජයේ හමුදා අණදෙන නිළධාරියා ලියුම්කරුට තර්ජණය කල අතර පසුව දෙමළ කුළී හමුදාවෙන් වූ ජිවිත තර්ජණ මත පැය විසි හතරක් තුල රටින් බැහැර යාමට සිදුවිය.
යාපනය පුදේශයේ සිවිල් වැසියන් අතුරුදහන් වීම් සහ ඝාථණය කිරීමි පිළිබඳ චෝදනා එල්ලවන්නේ කරුණා ප්රමුඛ දෙමළ කුළී හමුදාවටය. යුනිසෙෆ් සහ හියුමන් රයිට්ස් වොච් ආයතන විසින් ළමා සොල්දාදුවන් සම්බන්ධ චෝදනා මෙම කරුණාගේ කුළි හමුදාවට එරෙහිව එල්ල කිරීමට අමතරව ඔවුන් විසින් සිවිල් වැසියන් 20 දෙනෙකු ඝාතනය කිරීම පිළිබඳ වාර්තා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව සතුව ඇත.
එවන් පසුබිමක් තුල ශ්‍රී ලංකා දේශපාලනයේ මෑත ඉතිහාසය තුල සිටි කීර්තිමත්ම බුද්ධිමතා සහ රාජ්‍ය තාන්ත්‍රිකයා වන ලක්ෂ්මන් කදිරගාමර් මහතා මරා දැමීම කොටි ස්නයිපරයකින් වීම පිළිබඳ මේ ලියුම්කරු විශ්මයට පත් නොවේ.
කෙසේ හෝ ඔහු විසින් කලායැයි කියන කිසිම මනුස්ස ඝාතනයකට ඔහුට විරුද්ව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට තිබූ බාධාව වූවේ නීතිමය පසුබිමක් ගොඩ නැගීමට අවශ්‍ය සාධක නොමැති වීමය. එහෙත් ඔහු විසින්ම කරණ ලද ප්‍රකාශයක් ඔහුට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාමාර්ගයකට නිමිත්තක් නොවන්නෙදැයි සාමාන්‍ය ජනයා බලා සිටින බව නම් නිසැකැයි.
Leave a Reply