
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිපල විසින් නිරූපණය කරනු ලබන්නේ 2018 පෙබරවාරි මාසයේදී පළාත් පාලන මැතිවරණයේදී 44.65 ක ප්රථිශතයක් සහිතව පලාත් පාලන ආයතන 231 සඳහා රාජපක්ෂ පවුලේ පක්ෂය වන පොහොට්ටුව නැතහොත් පොදු ජන පෙරමුන විසින් පත්කර හරින ලද 3369 ක් වූ ප්‍රාදේශීය නාකයන්ගේ බිම් මට්ටමේ ව්‍යාපාරයි. 2010 දී 57.88 ක චන්ද ප්‍රතිශතයකින් යුධ ජයග්‍රහණයේ නාමයෙන් නැවත බලයට පත් වූ ශ්‍රී ලංකාවේ මාෆියා නායක මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති බලය ප්‍රතික්ශේප කල 247,848 චන්ද දායකයින් ඔහුව අතහැර ගිය අතර පඹයෙක් වූ ආප්ප සිරිසේන ඔහුගේ අභියෝගකරු විය.
එවකට බලය අහිමි වූ මහින්ද රාජපක්ෂ වඩා භීතියට පත් වූවේ ඔහුගේ පවුලේ උදවිය සහ සමීපතම හිතවතුනට එරෙහිව වූ කරවටක් දූෂණ වංචා මිනීමැරුම් චෝදනා පිළිබඳ සිරිසේන සහ ඔහුගේ අගමැති රනිල් ගේ ප්‍රතිචාරය කෙබඳු විය හැකිද යන්නය. රනිල් එක එල්ලේම එම පරීක්ෂණ අක්‍රියා කිරීමේ පිළිවෙතක සිටිමින් රාජපක්ෂ පවුල ආරක්ෂා කල අතර ජනාධිපති සිරිසේන දේශපාලන භූමිය මත හුදකලා විය. අගමැති වරයා සහ ජනාධිපතිවරයා අතර සබඳතා දුරස්වූ අතර ජනාධිපතිවරයාද ස්වයංආරක්ශිත පිළිවෙතක් ආරක්ෂා කලේය. අවසානයේ ඔහුද තම පුද්ගලික පැවැතම උදෙසා මාෆියාවටම එකතු වූ අතර රාජපක්ෂ මාෆියාව පලවාහැරීමට කටයුතු කල ජනතාව නන්නත්තාර විය.
පරාජිත රාජපක්ෂ මාෆියාව විසින් ජාතිවාදය සහ ආගම්වාදයේ ප්රභේදයන් ලාංකීය සමාජ දේහය තුලට ඇතුල් කල අතර සැබෑ බෞද්ධ හිමිවරු නිහඬව සිටියදී සුළු පිරිසක් වූ පාදඩ සිවුරුධාරීන්ද අනෙක් පසින් මුස්ලිම් අන්තවාදී කොටස්ද එයට උපයෝගී කරගත්තේය. අතීත යුධ ජයග්‍රණය විසින් උත්කෘෂ්ඨත්වයට පත් කරනු ලැබ වන්ධිභට්ටයන් සහ විකටයන් විසින් රාජ්‍යත්වයට පත් කරන ලද රාජපක්ශ මාෆියාවේ “සිංහල බෞද්ධ” නමින් නාමගත කරනු ලැබූ ඒ එන්නත ඉතා සාර්ථක විය. එය විසින් මනුශ්‍යත්වයේ මූලික වටිනාකම් සහ සැබෑ සංස්කෟතික සාරධර්මයන් ස්වෝත්තමවාදයෙන් සහ ජාතිවාදයේ පිදුරු වලින් වසා දමනු ලැබුවේ අවශ්‍ය විටෙක ගිනි තැබීමටය.
එම පිදුරු ගොඩට ගිනි ඇවිළුනු ලැබුවේ 2019 අප්‍රෙල් 21 වන පාස්කු ඉරිදාවේදීය. මරාගෙන මැරෙන බෝම්බ කරුවන් යොදා ගනිමින් එදින කරන ලද බෝම්බ ප්රහාරයන් නිසා විදේශිකයන් 45 දෙනෙකු ඇතුළුව 267 දෙනෙකු ජීවිත පරිත්‍යග කලේ සැළසුම් කරුවන් අරමුණු කර ගත් ලෙසම සමාජය මත ඒ වන විට අතුරා තිබූ ජාතිවාදී පිදුරු ගොඩට ගිණි අවුළවමිනි. බැලූ බැල්මට ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානයක පෙනුම සහිත වූ ප්‍රහාරය කෙතරම් සාර්තකද යතහොත් මධ්‍යස්ථ මතධාරීන් ගේ දෙඇස් පවා ජාතිවාදයෙන් නිලංකාර කිරීමට බෝම්බ වල ගිනි දළු සමත්විය.
සිරිසේනගේ සහ රනිල්ගේ නොහැකියාව සමාජ ගත කරන්න වෙනත් වැඩ පිලිවෙලක් අවශ්‍ය නොවීය. දෙඅත් හිස් මත ගසා ගනිමින් ප්රහාරයන්ට ගොදුරු වූවන්ගේ පවුල් වල සාමාජිකයින් හඬා වැටෙද්දී තව කොටසක් ‘සිංහල බෞද්ධ’ රාජ්‍යයේ අවසානය පිළිබඳ අඳෝනා නැගීය. ඒ අතර තව කොටසක් විසින් සිංහල බෞද්ධ රාජ්‍යය ගලවා ගැනීමට පුළුවන් වන්නේ පුටිං වගේ අයෙකුට යයි සමාජගත කලේය. කවදාවත් හසු නොවන පාස්කු බෝමිබ ප්‍රහාරයේ වගකිව යුත්තන් සොයා ගැනීම කල හැක්කේ හිටංට නොව යුද්ධය දිනූ වීරයා ගොඨාබයට පමණක් මිනිසුන් ඉතා ඉක්මනින් විශ්වාස කරන්නට පටන් ගත්තේය.
දේශීය ඔත්තු සේවා පමණක් නොව ඉන්දියානු ඔත්තු සේවය හරහාද ලැබුනු පූර්ව දැනුම් දීම් තිබියදීත් ඒ පුහාරය වළක්වා ගත නොහැකිවීමේ වගකීම සිරිසේන සහ රනිල් දෙපල එකිනෙකා අතර හුවමාරු කර ගැනීමෙන් අනතුරුව එවක සිටි ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට පවරා මේ වන විට වාශ්පව ගොස් ඇත. මේ අනුව බලන විට එදා පාස්කු දිනයේ බෝම්බයක් පුපුරා නැත, දේශපාලකයෝ ඒ ගැන දැන සිටද නැත, කලකට ඉහතදි බෝම්බකරුවන්ට ආරක්ෂක අමාත්‍යංශයේ ගිණුමකින් මුදල් ගෙවාද නැත. සිදු වූවේ කිසිම දෙයක් නොදන්නා මිනිසුන් 267 දෙනෙකු ක්ෂණිකව ජීවිතයෙන් සමු ගැනීමත් ලංකාවට අළුත්ම අළුත් ජනාධිපති කෙනෙක් ලැබීමත් පමණකි.
මේ අනුව ඉතාම කෙටි කාලයක් රාජපක්ෂ මාෆියාවේ මල්ලී ගෝඨාභයට තම බලය තහවුරු කර ගැනීමට හැකි වූ බව මතු පිටින් පෙනුනද එය ඉතා සංකීර්ණ සියුම් ක්‍රියාවළියක ප්‍රථිපලයක් බව අවබෝධ කර ගන්නට හැකියාවක් ඇති ජනතාවක් භූමිය මත ඇත්නම් ඒ අල්ප දෙනෙකු පමනි.
රාජපක්ෂ මාෆියාව විසින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අත්පත් කරගත් ජනමාධ්‍ය හොරණෑ හරහා අසත්‍ය සත්‍යය බවටත් හොරු, තක්කඩි, මිනීමරුවො, වංචාකාරයෝ, මහජන මුදල් මංකොල්ල කන්නන් වීරයන් සහ පරමාදර්ශීය චරිත හැටියටත් නූතන පරම්පරාව වෙත ඉදිරිපත් කිරීම තුලින් තමන් වෙත යෞවන චන්ද පදනමක් හදා ගත්තේය.
මෙම චන්ද පදනම අගෝස්තු 5 මැතිවරණයේ තීරණාත්මක බලවේගය බව විශ්වාස කල හැක්කේ 16,263,885 ක් සමස්ථ චන්දදායකයන්ගෙන් 31.95% ක්ම එම යෞවන චන්ද වීම නිසාය. විවිධ උපක්‍රම හරහා රාජපක්ෂ මාෆියාව විසින් එම තරුණ කොටස් වලට ආශ්වාදයන් ලබා දුන්නාක් මිස වෙනත් කිසිම දේශපාලන පක්ශයක් මැතිරණයේදී එම 31.95 ක චන්ද වලින් විය හැකි බලපෑමට අවධානය යොමුකර තිබුනේ නැත.
අසූවෙ දශකයේ විප්ලවකාරී තරුණ පරම්පරාවට ආකර්ෂණීය දේශපාලන ව්‍යාපාරයක් වූ ජනතා විමුක්ති පෙරමුණ වෙතින්ද මෙම මෙම තරුණ කණාඩායම ආමන්ත්‍රණය කිරීම ගිලිහුණ බව මේ ලියුම්කරුගේ අදහසයි.
එල්ටීටීඊයට එරෙහි 2009 මිලිටරි ජයග්‍රහණයේ සැළසුම් කරුවන් ලෙස රාජපක්ෂලා පිළිබඳ ඇති කීර්තිනාමය වටා ගොඩනඟන ලද බහුතර සිංහල බෞද්ධ පදනම මත තේරී පත් වූ ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ හමුදාකරණයේ සහ සිංහල බෞද්ධ ආධිපත්‍යයේ දේශපාලන සංකේතය වේ.
ගෝටාභය-මහින්ද සහෝදරයන්ගේ රජයකට අවශ්‍ය බහුතරය දැන් ඔවුන් අත ඇත. මිනිස් සංහාරයකින් කෙලවර වුනු යුද්ධය විසින් නිහඬ කරවූ සුළු ජාතික සමාජ ගැටළු පාස්කු ප්‍රහාරය විසින් තවත් කාලයකට වළලා දැමීමට සිංහල බෞද්ධ සමාජයට හැකි විය. මේ වසර මුලදී, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවෙන් ඉවත් වූ අතර, ඒ යටතේ යුද අපරාධ සම්බන්ධයෙන් වගවීම නිවැරදි කිරීමට සහ දෙමළ සුළුතරයට යුක්තිය හා වන්දි ලබා දීමට කැපවී සිටියේය. මෙම මැතිවරණයෙන් දෙමළ ජාතික සන්ධානය තව දුරටත් හැකිලී ඇත. දෙමළ ප්‍රදේශවලට වැඩි බලතල පැවරීම සඳහා සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව මහින්ද ඉන්දියාවේ ඉල්ලීම්වලට අවනත නොවීය. සහෝදරයන්ගේ ආණ්ඩුවෙන් තව දුරටත් ඒ පිළිබඳ බලාපොරොත්තු තියාගත නොහැක. ශ්‍රී ලංකාවේ සහෝදර පාලනය ඉන්දියාවේ බහුතරවාදී හැරීම ගැන මෙන්ම එල්ඒසී සහ කලාපයේ චීනය සමඟ ඇති ගැටළු පිළිබඳවද හොඳින් දනී.
Leave a Reply