
දෙවරක් කල්දැමූ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් බදාදා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මුහුණු ආවරණ පැළඳගෙන තමන්ගේම පෑන් රැගෙන යන ශ්‍රී ලාංකිකයින් විශාල සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කළහ.
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසන පරිදි COVID-19 වසංගත බිය මධ්‍යයේ පවත්වන ලද මෙම මැතිවරණය සාමකාමී ලෙස අවසන් වූ අතර ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 70 කි.
වැඩිවාසිය රාජපක්ෂ පවුල ප්රමුඛ පොහොට්ටුවට තිබුණත් ඔවුන්ගේ තුනෙන් දෙකේ අපේක්ෂාවට තීරණාත්මක අභියෝගයක් කරමින් ජනතා විමික්ති පෙරමුණ ඇතුලත් ජාතික ජන බලවේගය තීරණාත්මක ලෙස කැපී ඉදිරියට ඒම මෙවර මැතිවරණ ව්‍යාපාරයේ විශේෂ සිදුවීමයි. සියළු රාජ්‍ය බලය සහ රාජ්‍ය යාන්ත්‍රණය පොහොට්ටුවේ දේශපාලන ව්‍යාපාරය සඳහා යොදාගෙන තිබුනත් බොහෝ මධ්‍යස්ථ මතධාරීන් සහ බුද්ධිමත් කොටස් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය පිටු පස සිටියේය.
අද (05) දින පෙ.ව. 10.00ට පංචිකාවත්ත, අබේසිංහාරාමයේ සයිකෝජි පෙර පාසැල් ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කල ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මාධ්‍ය සමග කතා බහ කලේය. රටට අහිතකර දෑ ඉදිරියේදී සිදුවීමට නියමිත බවත් ඒ වෙනුවෙන් හඬක් නැගීම උදෙසා තමන්ගේ පක්ෂය වෙනුවෙන් ජනතාව ඡන්දය ප්‍රකාශ කර ඈතැයි තමන් විශ්වාස කරන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එහිදී පැවසීය.
මැතිවරණයට පෙර පැවති මැතිවරණ ව්‍යාපාරය තුල රාජ්‍ය බලය, රාජ්‍ය දේපල සහ රාජ්‍ය මාධ්‍ය අවභාවිතා කිරීම ආදී කරුණු දක්නට ලැබුණු බවත් අප්‍රේල් මස 25 වනදා මැතිවරණය නොපවත්වා ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කිරීම පිළිබඳව මැතිවරණ කොමිසමට ස්තූතිවන්ත වූවේය.
ආර්ථිකයේ බිඳ වැටීමට ආණ්ඩුව මුහුණ දෙන්නේ ජනතාව තවත් සූරා ගනිමින් බවත් විරෝධතාවන්ට මුහුණ දෙන්නේ මර්ධනයෙන් බවත් ඊට හඬක් නගන්නට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ ජවිප නියෝජනයටත් වටා වැඩි නියෝජනයක් ලැබෙනු ඇති බව තමන් විශ්වාස කරන බවත් වැඩි දුරටත් ඒ මහතා පවසන ලදි.
Leave a Reply