
දිවයිනේ වැඩි කොටසක් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරමින් සිටියදී, ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු හා සුළුජාතික ප්‍රජා අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙකු වන හෙජාස් හිස්බුල්ලාට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අසාමාන්‍ය ඇමතුමක් ලැබුණි. එයින් කියා සිටියේ ඔහට COVID-19 ආසාදනය වී ඇති බවත්, නිවසේ රැඳී සිටින ලෙසත් ඔහුට උපදෙස් දී ඇති බවයි. වසංගතය ගැන හෙජාස් රජයේ බලධාරීන් සමඟ සම්බන්ධ වී සිටියේය. එයට දිනකට පෙර ඔහු සහ තවත් අය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ලිපියක් යවමින් කියා සිටියේ මුස්ලිම්වරුන්ගේ මළවුන් භූමදානය කිරීම තහනම් කිරීමට රජය ගත් තීරණය සහ ඒ වෙනුවට ඔවුන්ගේ දේහය ආදාහනය කිරීමට ඔවුන්ට බල කිරීම – ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති පරිදි ආගමික නිදහස සඳහා ඇති ඔවුන්ගේ අයිතිය සහ ඒ සඳහා වන ජාත්‍යන්තර බැඳීම් උල්ලංඝණය වන බවය. COVID-19 සෞඛ්‍ය ආරක්ෂණ සන්දර්භය තුළ මළ සිරුරක් ආරක්ෂිතව කළමනාකරණය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ විසින් එය භූමදානය කිරීමට හෝ ආදාහනය කිරීමට ඉඩ ලබා දී ඇත.
සෞඛ්‍ය නිලධාරීන් කිසි විටෙකත් ඔහුගේ නිවසට නොපැමිණි නමුත් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවෙන් (සීඅයිඩී) ඔහුගේ නිවසේ දොරට තට්ටු කළේය. හේතුව පැහැදිලි නොකරම ඔවුහු මාංචු දමා ඔහුව අත්අඩංගුවට ගත්හ. පොලිසියට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් තිබේදැයි හෙජාස්ගේ ඥාතීන් ඇසූ විට ඔවුන්ට කිසිදු ප්‍රශ්නයක් නොඅසන ලෙස අවවාද කරනු ලැබීය.
පසුව රහස් පොලිසියේ නිලධාරීන් ඔහුගේ කාර්යාලය හරහා කටකතා පතුරුවා හරිමින් ඔහුගේ නීතිමය ලිපිගොනු සටහන් කර ඔහුගේ දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් ඔහුගේ දුරකථනයෙන් අංක අමතන ලෙස දන්වා ඔහු ඒවා හඳුනා ගත්තාදැයි විමසූහ. හෙජාස්ව රැගෙන යාමට පෙර, ඔවුන් ඔහුගේ ලාච්චුවලින් ලිපිගොනු දෙකක් ලබා ගත්හ – ඒ දෙකම හෙජාස්ගේ සේවාදායක යූසුෆ් මොහොමඩ් ඉබ්රාහිම්ට අයත් දේපළ පිළිබඳ දිස්ත්‍රික් උසාවි නඩු වලට අදාළ වේ.
හේජාස්ගේ පවුලේ අය විශ්වාස කරන්නේ ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ වෟත්තීය නීතිඥයෙකු ලෙස ඔහු ශ්‍රී ලංකාවේ මුස්ලිම් සුළුතරයේ මානව හිමිකම් සඳහා කටයුතු කරන නිසා බවය.
හෙජාස් මේ වන විට ත්‍රස්තවාදය වැළක්වීමේ පණත යටතේ වන විශේෂ නියෝගය පරිදි දින 90 ක රැඳවුම් බාරයේ සිටී. එවන් රැඳවුම් නියෝගයක් නිකුත් කළ හැක්කේ ආරක්ෂක ඇමතිවරයාට පමණක් වන අතර ශ්‍රී ලංකාවට ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයකු නොමැත. ඒ අනුව එම නියෝගය නිකුත් කර අත්තේ ජනාධිපතිවරයා මිස අන් කෙනෙකු විය නොහැක. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණ කිරීම් සිදුකිරීමට භාවිතා කරන ප්‍රධාන මෙවලම් වලින් එකක් වන කුප්‍රකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වේ. එය යටතේ ඕනෑම “සැකකරුවෙකු” රඳවා තබා ගත හැකි අතර – කිසිදු චෝදනාවකින් තොරව සහ විනිසුරුවරයෙකු ඉදිරියේ ඉදිරිපත් නොකර සිරබාරයේ තබා ගත හැක. රැඳවුම් නියෝගය මුලින් දින 90 ක් සඳහාත් පසුව මාස 18 ක් දක්වාත් දිගු කළ හැකිය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගි කර ගනිමින් ජාති බේදයකින් තොරව මානව හිමිකම් ක්‍රියාධරයන්, විරුද්ධ දේශපාලන මතධාරීන් සහ මාධ්‍යවේදීන් මර්ධණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සහ රාජපක්ෂ පවුලට ඇත්තේ අපකීර්තිමත් දිගු ඉතිහාසයකි. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත දිගු කලක් තිස්සේ විවේචනයට ලක්ව ඇත්තේ, විරුද්ධ මතධාරීන් මැඩපැවැත්වීමට සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට යොදාගෙන ඇති අනිසි නීතියක් ලෙස ය. ශ්‍රී ලංකා බලධාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සහජයෙන්ම ඇති අපයෝජන ස්වභාවය පිළිගෙන ඇති නමුත් පොරොන්දු වූ පරිදි එය අවලංගු කිරීමට අපොහොසත් වී ඇත. පසුගිය රජය නීතිය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා තමන්ගේම ව්‍යවස්ථාවක් යෝජනා කළ නමුත් තමන් වෙනුවට ආදේශ කිරීමට පෙර ඒ සඳහා ප්‍රමාණවත් සහය ලබා ගැනීම සඳහා කෙටුම්පත් නීතිය සංශෝධනය කිරීමට අපොහොසත් විය.
හෙජාසිට තම නීතිඥයා සහ පවුලේ අයව කිහිප වතාවක් පමණක් දැක ගැනීමට හැකි වූ අතර 2021 ඔක්තෝබර් මස දක්වා ඔහුව අත්තනෝමතික ලෙස රඳවා තබා ගත හැකිය. රැඳවුම් භාරයේ සිටියදී ඔහුගේ සියළු නීත්‍යාණුකූල හිමිකම් අහිමිකර ඇත. උසාවියේ අභියාචනයක්වත් ඉදිරිපත් කිරීමට නොහැකි, ඔහුගේ පුද්ගල අයිතිවාසිකම් දහස් ගණනක් රජය විසින් උල්ලංඝණය කර තිබේ. 2019 පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ පල්ලිවලට පහරදීම් සිදුකළ බෝම්බකරුවන්ගේ පියා වන මොහොමඩ් ඉබ්රාහිම් සමඟ ඔහු කළ නීත්‍යානුකූල වෟත්තීය සම්බන්ධතාවය උපයෝගී කරගෙන බලධාරීන් ඔහුව මෙම අවාසනාවන්ත තත්ත්වයට ඇද දමා ඇත. ඔහු බෝම්බකරුවන් සහ ඔවුන්ගේ පවුලේ අය සමග කථාබහ කර තිබීම අත්අඩංගුවට ගැනීමට හේතුව බව බලධාරීන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.
මොහොමඩ් ඉබ්රාහිම්ගේ පුතුන් වන ඉන්ෂාෆ් සහ ඉල්හැම්, 2019 අප්‍රියෙල් 21 වන පාස්කු ඉරු දින ශ්‍රී ලංකාව පුරා බෝම්බ හයක් පුපුරුවා හැර 250 කට වැඩි පිරිසක් ඝාතණය කළ බෝම්බකරුවන් හත් දෙනාගෙන් දෙදෙනෙකි. මෙම ප්‍රහාර පසුව ලෝක ‘ඉස්ලාමීය රාජ්‍යය’ ත්‍රස්ථ කණ්ඩායම කල බව කියැවුනත් එම කණ්ඩායම සමඟ ඇති සම්බන්ධය තවමත් අවිනිශ්චිතව පවතී.
හෙජාස් මොහොමඩ් ඉබ්රාහිම් සමඟ දෙයාකාරයකින් සම්බන්ධ විය. පසුගිය වසර පහක කාලය තුළ ඔහු ඉබ්රාහිම් ගේ නීතිඥයා ලෙස සේවය කර ඇති අතර, ඔහුගේ ව්‍යාපාරයට අදාළ නීතිමය නඩු හසුරුවයි. හෙජාස් සහ මොහොමඩ් ඉබ්රාහිම් ද “Save The Pearls” සංවිධානයේ කොටසක් වූ අතර, අඩු වරප්‍රසාද ලත් දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වන පුණ්‍යායතනයක් වන අතර, ඔවුන් අපරාධ ක්‍රියාකාරකම්වලින් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත් කරනු ඇතැයි අපේක්ෂා කරති. මොහොමඩ් ඉබ්රාහිම් ඔහුගේ පුළුල් පරාර්ථකාමී ක්‍රියාකාරකම්වල කොටසක් ලෙස සංවිධානයේ භාණ්ඩාගාරික ලෙස සේවය කළ අතර, පසුව ඔහු එය බෝම්බකරුවෙකුගෙන් එක් අයෙකු වූ ඔහුගේ පුත් ඉල්හැම්ට භාර දුන්නේය. සංවිධානයේ මණ්ඩලය විසින් 2016 දී එම තනතුරෙන් ඉවත් වන ලෙස ඉල්හැම්ගෙන් ඉල්ලා සිටියේය. මණ්ඩලයේ සාමාජිකයෙකු වන හෙජාස් එහි රැස්වීම් 52 න් 8 ක් සඳහා සහභාගී වූයේ වසර 5 ක කාලයක් තුළ පමණි.
මෙම සම්බන්ධතාවය හෙජාස් රඳවා තබා ගැනීම සාධාරණීකරණය කිරීම සඳහා භාවිතා කරයි. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට “ආධාර කිරීම සහ අනුබල දීම” සහ “ප්‍රජාවන් අතර ආගමික සමගියට අහිතකර” යැයි සැලකෙන ක්‍රියාකාරකම්වල යෙදීම සම්බන්ධයෙන් හෙජාස්ව විමර්ශනය කරන බව රැඳවුම් නියෝගයේ සඳහන් වේ. හෙජාස් සහ 2019 අපේ‍්‍රල් 21 බෝම්බ ප්‍රහාර අතර කිසිදු සම්බන්ධයක් ඇති බවට විශ්වාසදායක සාක්ෂි මතු වී නැත. ඔහුගේ පවුලේ අය පවසන පරිදි, බලධාරීන් ක්‍රියා කරන සියල්ල දුරදිග නොබලා සැක කිරීමකි.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය අතිශයින්ම සැලකිලිමත් වන්නේ හේජාස්ට එරෙහි නඩුව සහ සාක්ෂි අළුතෙන් ගොතන ලද ඒවා විය හැකි බැවිනි. “අන්තවාදය” දේශනා කිරීමට සහ දරුවන්ට “ආයුධ පුහුණුව” ලබා දීමට “සේව් ද පර්ල්ස්” පුණ්‍යායතනයේ පාසලක් වගකිව යුතු බවට නව චෝදනාවක් මතු වී තිබේ. මෙම චෝදනාවලට විශ්වසනීයත්වයක් නොමැති හෙයින් ඔහු අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන මාස තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත්, බලධාරීන්ට මෙතෙක් ඔවුන්ගේ සාක්ෂි සනාථ කිරීමට නොහැකි වී තිබේ. පොලිසිය විසින් සම්මුඛ සාකච්ඡාවට භාජනය කරන ලද දරුවන් දැන් දෙමව්පියන් හෝ භාරකරුවෙකු නොමැතිව සම්මුඛ පරීක්ෂණයට භාජනය වූ පදනම මත නීතිමය පියවර ගැනීමට පටන් ගෙන තිබේ. ළමයින් අත්අඩංගුවට ගැනීම සඳහා කරන ලද අත් අඩංගුවට ගැනීම් සටහන්, වීඩියෝ පටිගත කිරීම් සහ ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙස පොලිසියට අතුරු නියෝගයක් ඉල්ලා ඔවුන්ගේ දෙමව්පියන් සහ භාරකරුවන් හරහා ළමයින් ශ්රේඨධිකරණයට මූලික අයිතිවාසිකම් අයදුම්පත් ගොනු කර තිබේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ සීඅයිඩී නිලධාරීන් ජාතිවාදී වෛරී දේශකයෙකු ලෙස හදුනා ගන්නා ලෙස ඉල්ලා හීජාස්ගේ පින්තූර දරුවන්ට පෙන්වා ඇති බවයි. හෙජාස්ගේ නීතිඥයා විසින් විරෝධතා මතු කිරීමෙන් පසුව හඳුනාගැනීමේ පෙරට්ටුව අත්හිටුවා ඇත, කෙසේ වෙතත් මෙම සිදුවීම පෙන්නුම් කරන්නේ නිසි ක්රියාදාමයකින් හො අවංක බාවයකින් තොරව හෙජාස් ව පාස්කු බොම්බ ප්‍රහාරය සඳහා කොටු කිරීම සඳහා රාජ්‍යයේ ඉහළම බලධාරීන් දක්වන උත්සාහයයි.
මුස්ලිම් විරෝධී හැඟීම් බහුලව පවතින ශ්‍රී ලාංකික සමාජ පරිසරය තුල බලධාරීන් විසින් ජනමාධ්‍යයන් හරහා චරිත ඝාතනයට ලක් කර පාස්කු බොම්බ ප්‍රහාරයේ වගකිවයුත්තා බවට පත් කර ඇත. එසෙම මෑත සිදුවීම් වලට අනුව ප්රමුඛ මුස්ලිම් වෘත්තිකයන් අසාධාරණ ලෙස ඉලක්ක කර තිබේ. හෙජාස්ගේ පසුබිම නම් ශ්‍රී ලංකාවේ ප්රමුඛ ඇන්ග්ලිකන් පිරිමි පාසලක අධ්‍යාපනය ලැබූ ඔහු ශ්‍රේෂ්ඨධිකරණ නීතිඥයෙකු වන අතර නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ උපදේශකයෙකු ලෙස සේවය කළේය. ඔහු ලන්ඩනයේ යුනිවර්සිටි කොලේජ් වෙතින් ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර ඒ සඳහා ඔහු චෙවෙන්ං ශිෂ්‍යත්වයක් දිනා ගත්තේය. ඔහුගේ නීති විශාරද අධ්‍යාපණයට ව්‍යවස්ථාමය, කොන්ත්‍රාත්, රැකියා, මානව හිමිකම් සහ දේපළ නීතිය ඇතුළත් වේ. ඔහුගේ නීතිමය කටයුතුවලින් ඔබ්බට, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කණ්ඩායම්වල ප්‍රධාන අවධානයට ලක්ව ඇති ඉස්ලාම් භීතිකාවේ වඩදිය මැඩ පැවැත්වීම සඳහා බොහෝ අවස්ථාවල ඉහලපෙලේ අන්තර් ආගමික හා ප්රතිසන්ධාන කටයුතු සඳහා හෙජාස් සම්බන්ධ වී ඇත.
පාස්කු බෝම්බ පුහාරය පිළිබඳ දිනපතා බරපතල විවේචන ජනතාව විසින් බලධාරීන්ට එරෙහිව එල්ල කරනු ලබයි. රාජ්‍ය ඔත්තු සේවා විසින් එවක තිබූ රජයේ බලධාරීන් වෙත ඒ පිළිබඳ අනතුරු ඇඟවීම් කර තිබූ නමුත් ඒ පිළිබඳ කිසිම පියවරක් ගැනීමට අසමත්වී ඇත. එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයෙන් පරාජය වීමට එයද එක් හේතුවක් වූ අතර වත්මන් ජනාධිපතිවරයාගේ එක් මැතිවරණ සටන් පාඨයක් වූවේ පාස්කු ප්‍රහාරකයන් නීතිය ඉදිරියට ගෙන එන බවයි. එම සටන් පාඨය ඉතා සාර්ථක වූ අතර ගෝටාබය රාජපක්ෂ 52.25ක පුථිශතයකින් ජයග්‍රහණය කලේය. එළඹෙන අගෝස්තු 5 දින නැවත තවත් මහ මැතිවරණයක් පැවත්වේ. දෛවෝපගතව නැවත වරක් පාස්කු ප්‍රහාරය දේශපාලන වේදිකා මතය. හෙජාස්ගේ ඉරණම තීරණය වනු ඇත්තේ නීතියේ සාධාරණ ක්‍රියාකාරිත්වය මත නොව, පෙනෙන හැටියට මැතිවරණ ප්‍රතිපල වලට සාපේක්ෂව වේ.
ඇමෙනෙස්ටි ඉන්ටර්නැෂනල් ඇසුරෙනි.
Leave a Reply