
ප්‍රහාරක යානා යාත්‍රාවකින් පිටත්වන චීන ප්‍රහාරක ගුවන් යානයක්.
චීනයේ මහජන විමුක්ති හමුදාව (පීඑල්ඒ) දකුණු චීන මුහුදේ (එස්සීඑස්) දොරකඩ ලෙස සැලකෙන දකුණු ගුවැන්ඩොං පළාතේ ලීෂෝ අර්ධද්වීපයේ සජීවී ආයුධ භාවිතා කරමින් යුද හමුදා පෙරහුරුවක් පැවත්වූ බව අද දින වාර්තා වීමත් සමග ලෝකය තුන්වන ලෝක යුද්ධයක මුව විටට පැමිණ ඇත.
පීඑල්ඒ ගුවන් හමුදාව විසින් පීඑල්ඒ හි නාවික හා රොකට් බලකායන් සමඟ පීඑල්ඒ ගුවන් හමුදාව විසින් නැව් විරෝධී හා ගුවන් යානා නාශක විනාශ කිරීමෙි අභ්‍යාස ඇතුළත් සතියක් පුරා පැවැත්වෙන හමුදා අභ්‍යාස, එක්සත් ජනපදය සමඟ ඇති තානාපති සබඳතා ආතතිය ඉහළ යාම සහ තායිවානයට ඇමරිකානු ආයුධ සැපයීමේ පසුබිම තුළ පැවැත්වේ.
චීන නිදහස් හමුදාවේ මෙම අභ්‍යසය පිටුපස ඇති පණිවුඩය එක්සත් ජනපදය වෙත යොමු කර ඇති බව වටහා ගත හැක. මේ මස මුලදී ඇමරිකාව විසින් , එහි යුධ පෙරමුනු සඳහා බර ආයුධ සහ ප්‍රහාරක ගුවන් යානා ගෙන යන ගුවන් යානා දෙකක්, ප්‍රහාරක නැව් සහ තොරතුරු එකතු කරන යුධ නිරීක්ෂණ ගුවන් යානා දෙකක්ද දකුණු චීන මුහුදු කලාපය තුල ස්ථාන ගත කර ඇත.

තම හමුදා අභ්‍යාසන්හි තොරතුරු හෙළි නොකරන අතර චීන යුධ විශාරදයකු පුකාශ කරන්නේ සාමාන්‍යයෙන් එවැනි අභ්යසයකට ගුවන් පුහාරක මිසයිල සහ නාවික මිසයිල් අයත් වන්නට ඇති බවයි. සෝං ෂෝපිං නම් වු ඔහු පවසන්නේ “මෙවැනි අභ්‍යාස මගින් දකුණු මුහුදු කලාපයේ ගුවන් ආරක්ෂාවත් සතුරු විනාශ නැවි විනාශ කිරීමේ හැකියාවත් තහවුරු කරන බවයි”. චීන ජනතා විමුක්ති හමුදාවෙහි රොකට් ප්‍රහාරක බලකායට විශාල මතුපිටක් සහිත යුධ නැව් වලට බැලස්ටික් මසයිල එල්ල නල හැකි අතර නැව් විනාස කරන පුහාරක නැව් වලට කිලෝ මිටර 300 සිට 400 දුර සිට මිසයිල වලින් ප්‍රහාර එල්ල කල හැක.
මේ මස මුලදී, චීනයේ ගුවන් හමුදාව සජීවී ගිනි අභ්‍යාස පැවැත්වූ අතර තවත් ප්‍රහාරක ජෙට් යානා දකුණු මුහුදේ කඳවුරක ස්ථාන ගත කර ඇති බව නිල මාධ්‍ය වාර්තා කරයි.දකුණු චීනයේ හයිනාන් පළාතේ පිහිටි පීඑල්ඒ සදර්න් තියටර් කමාන්ඩ් නාවික හමුදා බලකාය යටතේ බ්රිගේඩියරයක් ජේඑච් -7 ප්‍රහාරක බෝම්බකරුවන් සමඟ සජීවී ගිනි අවි ප්‍රහාරක අභ්‍යාස පැවැත්වූ බව චීන ජාතික ගුවන් විදුලිය (සීඑන්ආර්) වාර්තා කලේය.

අද ආරම්භ වූ චීන හමුදා පෙරහුරුව එන්නේ තානාපති සබඳතා අර්බුදයට සමගාමීව දකුණු චීන මුහුද සම්බන්ධයෙන් එක්සත් ජනපදය විසින් බීජිනයට කරන ලද අනතුරු ඇඟවීමත් සමගය..
පසුගිය දිනවල ඇමරිකාව දකුණු චීන කලාපය තුල තම හමුදාමය ශක්තිය වර්ධණය කලේ චීනය, මැලේසියාව, තායිවානය, වියට්නාමය සහ පිලිපීනය යන රටවල් විසින් එම කලාපයේ භූගෝලීය සීමාවන්ට අයිතිවාසිකම් කියන අතරය. මේ හේතුවෙන් කලාපයේ දූපත් වලට හිමිකම් කියන ජාතීන් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දැනටමත් අතිශයින්ම පීඩාවට පත්ව ඇත.

මේ අතර මෑතකදී චීනය විසින් මුහුද මැද ඇති කුඩා දූපත් මත ඉඳිකල හමුදා බංකර් කීපයක් විසින් දැනට ඇති අර්බුධය යුද්ධයක් කරා ඇදීයාමේ අවධානමකට පත් කර ඇත.එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ටුවිවර් පණිවිඩයක් මගින් බීජිනයට අනතුරු ඇඟවීමක් කරමින් කියා සිටියේ “එක්සත් ජනපදයේ ප්‍රතිපත්තිය ඉතා පැහැදිලිය: දකුණු චීන මුහුද චීනයේ සමුද්‍ර අධිරාජ්‍යය නොවේ. බීජිනය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර නිදහස් ජාතීන් කිසිවක් නොකරන්නේ නම්, ඉතිහාසය අපට පෙන්වා දී ඇත්තේ චීනය පහසුවෙන් ඒ බිම අත්පත් කර ගන්නා බවයි”.
පසුගිය මැයි මාසයේදී, ඇමරිකානු නාවික හමුදාවේ ලිටෝරල් සටන් නැව් මතභේදාත්මක දකුණු චීන මුහුදේ මුර සංචාරයේ යෙදෙනු දක්නට ලැබූ බව වාර්තා විය. එසේම එක්සත් ජනපද ගුවන් හමුදාව සහ නාවික භටයින් විසින් එම ප්‍රදේශයේ පුහුණු අභ්‍යාස පවත්වන ලදී. එම හමුදා අභ්‍යාසයට ඇමරිකානු ගුවන් හමුදාව සහ සබ්මැරීණ තුනක් සහබාගිවිය. මෙම ප්‍රතික්‍රියාව අවට මුහුදේ භූ විද්‍යාත්මක කැණීම්වල නිරත චීන නැව් වලට බාධා කිරීම විය.
ඉහත තොරතුරු සමස්ථයක් ලෙස ගත් විට තුන්වන ලෝක යුද්ධය ආසියාවේ දොරඩට පැමිණ ඇති බව ප්‍රතික්ශේප කල නොහැක. මෙම තත්වය ශ්‍රී ලංකාව වැනි චීනයේ ආර්ථික වහලුන් බවට බවට පත්වූ රටවල් වල ජනතාව තව දුරටත් අසරණ කරනු ලබාවි.
ඡායාරූප US ARMY, FLICKR
කියවන්න: චීන ඇමරිකා සීතල යුද්ධය ගිණි දළු ඇවිලේ,
[…] […]