
දකුණු අප්‍රිකාවේ බටහිර කේප් පළාතේ සැන් බුෂ්මන් ආදි කල්පික ගල් සිතුවමක සටහන්ව තිබූ දුන්න සහිත මිනිසා. ඡාරූයාපය හයින් වොන් හෝස්ටන් / ගැටී ඉමේජ්
ශ්‍රී ලංකාවෙි පාහියන්ගල ලෙන තුලින් සොයාගත් මිනිස් අස්ථි සහ දුනු ඊතල වල ඉතිහාසය වසර හතලිස් අට දහසක අතීතයට යන බව දැන ගැනීමට ලැබීම පුරා විද්‍යාව හෝ ඉතිහාසයට ලැදිවුන් පමණක් නොව තමන් ඉපදුන පොලොවට ආදරය කරන හැම ලාංකිකයෙකුගේම ආඩම්බරයට හේතු වනු නොඅනුමාණය.”

මේ ප්රවෟත්තිය ලොකයේ මානව ශිෂ්ඨාචාරය පිළිබඳ මෙතෙක් ලියැවුනු සටහන් වලට දැනටමත් අළුත් පරිච්ඡේද එක් කරන්නට පටන් ගෙන ඇති බව අන්තර්ජාලය හරහා විමර්ශණය කරන විට නිරීක්ෂණය කල හැක. දුන්න සහ ඊතලය මානව ශිෂ්ඨාචාරයේ තීරණාත්මක සළකුණක් වන අතර එහි භාවිතාවේ උත්පත්ති කතන්දරය ලෝකය පුරා සිටින මානව විද්‍යාඥයින් සහ පුරා විද්‍යාඥයින් විසින් සොයනු ලබන්නේ අද ඊයෙක සිට නොවේ.
එයට හේතුව ආදි කල්පිත මානවයාට තම ආහාර සඳහා ගලකින් ගසා දඩයම් කරනවාට වඩා වැඩි සම්බාවිතාවක් දුන්න සහ ඊ තලය විසින් ලබා දීම මෙන්ම එය තාක්ෂණය පිළිබඳ මිනිසාගේ මුල්ම පරිකල්පණයයි. ආදි කල්පිත මිනිසා සතුන්ගෙන් වෙනස් වන්නේ එහිදීය.
එතැන් සිට මිනිසාට ලඟට ගොස් හෝ දුරක සිට ගලකින් ගැසීමේදි ඉලක්කය මග හැරීමෙන් විය හැකි අණතුරු අඩු වූවාසේම දුන්න විසින් ඔහුගේ ස්වයං ආරාක්ෂාවද වැඩි කලේය. මිනිසා එසේ දුන්න සහ ඊ තලය වෙත මාරු වීම වෙතින් ඔහුගේ දඩයම් කිරීමේ කාර්යක්ෂමතාවය වර්ධණය කල අතරම එතෙක් කණ්ඩායම් ලෙස දඩයමේ ගිය ඔහුට ස්වාධීනත්වයක් ලබා දුන්නේය.

පුරා විද්‍යා සොයා ගැනීම් වලට අනුව දුනු ඊතල භාවිතය මීට වසර 37,000 ත් 65,000 ඉහත සිදුවන්නට ඇතැයි විද්‍යාඥයින් විශ්වාස කලද, මෑතකදී අප්‍රිකාවේ පින්නකල් පොයිංට් ගුහාවෙන් ලැබුනු පුරා විද්‍යාත්මක සොයා ගැනීම් වලින් පසුව එය වසර 71,000 ක අතීතයට ඇදී ගියේය.
මානව සංහතියේ පැවැත්මේ ඒ තීරණාත්මක යන්ත්‍රයේ සළකුණු පමණක් නොව සිත්ඇද ගන්නා කරුණ වන්නේ හොඳින් සංරක්ෂණය වූ පිහි, පීරි සහ උපකරණ වඳුරන් සහ මුවන් ගේ ඇට කටු හා දත් වලින් සාදන ඒවා වන අතර ඒවා හමි හෝ පැල සම්බන්ධව භාවිතා කර ඇති බව ශ්‍රී ලංකාවේ පාහියන් ගල පුරාවිද්‍යා භූමියෙන් ලැබුනු උපකරණ සාක්කි දරයි.
මෙම උපකරණ දැනට සොයාගෙන ඇති මානව ශිෂ්ඨාචාරයේ එකම පැරණිම හම් සහ පැලෑටි බාවිතය පිළිබඳ සම්බන්ධ සාක්කි විය හැකි වන්නේ අවුරුදු 48,000ක් විනාස නොවී තිබීමේ හැකියාවක් සාමාන්‍යයෙන් තෙතමනය සහිත නිවර්තණ කලාපය තුල නැති බැවිනි.
මූලාශ්‍ර :- metro.co.uk, thoughtco.com, sciencedirect.com
Leave a Reply