
එන්ගලන්තයේ මගේ නිවස පිහිටා ඇත්තේ වරාය ආශ්රිත නගරයක් වන ලිවර්පූල්හිය. නිවසේ සිට බලන විට වරායේ මායිම දැකිය හැකිය. ක්‍රොස්බි ගමටත් වොලසි වලටත් අතර මැදින් අයර්ලන්ත මුහුදට එකතුවන මර්සි ගංගාව ලිවර්පූල් වරායේ නවාතැන්පලයි. යුරෝපයේ වරාය නගරයකදී ඇසිය හැකි සියළු හඬවල් අතරින් තවත් එක් පොදු හඬක් වන සීගල් කුරුල්ලන්ගේ හඬ මටද නොපුරුදු නොවේ. ඇතැම් විට මගේ නිවසේ වහලය මත හෝ ඉදිරිපිට දුරකථණ වයරය මත රැඳී ඔවුන් නගන හඬ ඇසීමට මම කැමැත්තක් දැක්වුවෙමි. එහෙත් වැඩි පිරිසක් සීගල්ස් කුරුල්ලන් ගැවසුනේ නිවසේ සිය කිලෝමීටරයක් පමණ දුරින් වූ ක්‍රොස්බි ගමේ බොක්කඅසල පිහිටි තණ බිම අවටය. ඉඳහිට එහි ගොස් මදක් ඇවිද ඒම මට මහත් සහනයක් ගෙන දෙයි.
මේ මගේ ඡායාරූප කලාවේ පරිවර්ථන අවිධිය වන අතර එක අතකින් එක අතකින් එහි වඩාත් ගැඹුරු අවධියකට ප්රවිශ්ඨ වෙමින් සිටින අතර අනෙක් අතින් මෙතෙක් බාවිතා නොකල උපකරණ බාවිතය පිළිබඳ අත්හදා බලමින් සිටිමි. එහි කොටස් දෙකක් වන අතර එකක් පැරණි මධ්‍යම ප්‍රමාණයේ කැමරා සහ දළ සේයාපට බාවිත කරමින් කලාත්මක ඡායාරූකරණයේ යෙදීම සහ දියුණු තාක්ශණයක් අන්තර්ගත කුඩා සංක්ෂිප්ත කැමරා දෛනිකව බාවිතා කිරීමත්ය. ඒ අනුව මා Sony RX10 mark iv කැමරාවක් මිලදී ගත්තෙමි. එහි මිල බ්‍රිතාන්‍ය පවුම් 1500 කට ආසන්න විය. මෙම තෝරා ගැනීමේදි සළකා බැලුව මූලික කාරනා දෙකක් විය. එකක් සැම විටම ළඟ තබා ගත හැකි පරිදි පහසු සංක්ශිප්ත බව සහ අවම සහ උපරිම නාභි දූරයවේ.
මෙහි පලවන සීගල් ඡායාරූප එකතුව ඉහත කැමරාව පරීක්ෂා කිරීමේදී ලබා ගත් ඡායාරූප කිහිපයකි. මා ඉහත සඳහන් ක්‍රොස්බි ග්‍රාමයේදි මෙම ඡායාරූප ලබා ගත්තේ ඉර බැස යන්නට මොහොතකට පෙරය. සංස්කරණයේදී රූපයේ රාමුව පමණක් සකසා ඇති අතර වර්ණ, තීවෘතාවය සහ ආලෝක තත්වයේ කිසිදු වෙනස් කමක් කර නොමැත.
Excellent Work Brother
හරිම සුන්දරයි. දුර්ලබ දසුන් පෙලකි.