
බ්‍රිතාන්‍ය ලිවර්පූල් නගරයේ ජනප්‍රිය අවන්හල් ප්‍රදේශය 2017 දී. ඡායාරූපය/ අනුුරුද්ධ ලොකුහපුආරච්චි
අග්‍රමාත්‍ය බොරිස් ජොන්සන් පුරා මාස හයක් තිබූ බ්‍රිතාන්‍ය අගුළු දැමීමෙි නීති රීති ජූලි 4 සිට බ්‍රිතාන්‍ය ලිහිල් කරන බව අද නිවේදනය කළේය. මේ අනුව එංගලන්තයේ පබ්, අවන්හල්, හෝටල් සහ කොණ්ඩා මෝස්තර හල් 4 වන දායින් පසු විවෘත කළ හැකිය.
අගමැති බොරිස් ජොන්සන් කියා සිටියේ හැකි සෑම තැනකම මිනිසුන් මීටර 2 ක් දුරින් සිටිය යුතු නමුත් “මීටරයකට වැඩි” රීතියක් හඳුන්වා දෙන බවයි.
කලාගාර, කෞතුකාගාර සහ සිනමා ශාලාවල සමාජ ජීවිතය නැවත ආරම්භ වන අතර නියමිත දුරස්ථ බාවයට අනුකූලව එංගලන්තයේ පවුල් දෙකකට ගෘහස්ථව මුණගැසී එක රැයක් රැඳී සිටීමට හැකි වනු ඇති බව දැන ගැනීම සතුට කාරණාවක් බව නිසැකය. එහෙත් වැළඳ සුබ පැතීමෙන් වළකිණ ලෙස අවවාද කෙරේ.
අගමැති වරයා සදහන් කලේ ” අපගේ ප්‍රථිපත්තිය වන්නේ අවධායම පිළිබඳ පූර්ණ දැනුමක් සහිත බ්‍රිතාන්‍ය ජනතාව පිළිබඳ විශ්වාසය තැබීමයි. මතක තබා ගන්න අප වඩා විවෘත වනවිට වඩා විමසිළිමත් විය යුතු බව”
තවත් වෙනසක් නම් විවාහ උත්සව සඳහා 30 දෙනෙකුට සහබාගි වීමට අවසර දුන් අතර එහෙත් ආගමික උත්සව සඳහා අවසර නැත.
බ්‍රිතාන්‍ය දින පතා කොවිඩ් ආසාදිත වන සංඛ්‍යාව 1000 ක් දක්වා අඩුවීම විශාල ලෙස අඩු වී ඇති බව දැනෙන්නේ මාර්තු අගවන විට තිබූ සංඛ්‍යාව වන 100,000 ක් වන සංඛ්‍යාව හා සැසැඳීමේදීය. එහෙත අනෙක් රටවල් හා සමගාමීව බැලීමේදී එය සැළකිය යුතු වැඩි සංඛ්‍යාවකි.
Leave a Reply