
සිකුරාදා දේව මෙහෙයට ශ්‍රී ලංකික මුස්ලිම් ජාතිකයන් පිරිසක්, ගාලු නගරයේදී 2002 වසරේදි. (සංරක්ෂිත චායාරූපය/අනුරුද්ධ ලොකුහපුආරච්චි)
සුළු ජාතික සංස්කෟතික හා ආගමික විශ්වාසයන් නොතකා කොවිඩ් වෛරසයෙන් මිය යන්නන් පුළුස්සා දැමීම ශ්‍රී ලංකා රජය අඛණ්ඩව සිදුකරයි. ශ්‍රී ලංකාව තුල නීතියේ ක්‍රියාකාරිත්ව සාධාරණව සිදු නොවන බව පොදු ජනතා මතය වන අතර විශේෂයෙන්ම රජයේ තීරණ හෝ රාජපක්ශ පවුලේ සාමාජිකයන් සහ සමීපතයන් සම්බන්ධයෙන් සිදුවන නඩු කටයුතු සිදුවන්නේ ඉතාම පක්ෂග්රාහි ලෙසය. මේ නිසා බ්‍රිතාන්‍ය නීති පද්ධතිය තුල අභියෝගයට ලක් වන ශ්‍රී ලංකා රජයේ තීරණයක් පිළිබඳ නීති කටයුත්තක් ඉතා උනන්දුව දක්වන දෙයක් වනු ඇත. මෙම පුවත සඳහා දැනටමත් බ්‍රිතාන්‍ය පුවත් පත් වල අවධානය යොමුව ඇත.
මුස්ලිම් ආගමික විශ්වාසයන්ට අනුව මළවුන් භූමදානය කළ යුතු වූවත් ශ්‍රී ලංකා රජය විසින් පසුගිය මාර්තු මස සිට කොවිඩ් වලින් මිය යන්නන් බලහත්කාරයෙන් පුළුස්සා දමන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන් විසින් කොවිඩ් වෛරසයෙන් මිය යන්නන් වැළලීමට අවසර දී තිබියදීය.
මේ මස මුලදී, කොවිඩ් නිසා මිය ගිය දින 20ක් වයසැති බිළිඳෙකුගේ දේහය පවුලේ කැසත්තෙන් තොරව බලහත්කාරයෙන් පුළුස්සා දමන ලදී. දරුවාගේ පියා පවසන්නේ දරුවා පුළුස්සා දැමීම බැලීමටවත් ඔහුට ඉඩ නොදුන් බවය. ඇතැම් මුස්ලිම් සහ ක්‍රිස්තියානි පවුල් රජයේ තීරණයට එරෙහිව ආගමික නිදහස සහ මූළික අයිතිවාසිකම් උල්ලංඝණයට එරෙහිව ශේෂ්ඨාධිකරණයේදී අභියොග කල මුත් දෙසැම්බර් මුලදී එය ප්‍රතික්ශේප විය.
ශ්‍රී ලංකාව් මුස්ලිම් සහ ක්රිස්තියාන් ආගමිකයන්ට බලපෑම් කරන බලහත්කාරයෙන් ආදාහනය කිරීම නවතා දමන ලෙස බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය විසින් එක්සත් රාජධාණියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට ලිපියක් යවා තිබේ.
බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය වෙනුවෙන් නීතිමය කටයුතු වල යෙදෙන්නේ ලංඩනයේ ඉහලම පෙලේ නීති සමාගමක් වන බින්ඩ්මන්ස් හවුල් සමාගමයයි. බින්ඩ්මන්ස් නීති සමාගම බ්‍රිතාන්‍යයේ වෙසෙන සුළු ජාතිකයන්ගේ අයිතිවාසිකමි වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී සිටින සමාගමකි. එහි හවුල්කරුවකු වන තයිබ් අලි මෙසේ පවසයි, ” ශ්‍රී ලංකාවේ මුස්ලිම් සිරුරු බලයෙන් ආදාහනය කිරීම ඔවුන්ගේ ආගමික නිදහස බරපතල ලෙස උල්ලංඝණය කිරීමකි. කොරෝනා වෛරසයෙන් මිය ගිය අයගේ සිරුරු ආරක්ෂාකාරී ලෙස කළමණාකරණය සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් බලධාරීන් නොතකා හරිනුයේ කිසිම සාධාරණ හේතු දැක්වීමකින් තොරවමය. ඊට අමතරව, මිය ගිය අයගේ පවුලේ සාමාජිකයන් විසින් කරන ලද ඉල්ලීම ශ්‍රී ලංකා රජයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකා හදිසියෙන් සහ අසාධාරණ ලෙස නිශ්ප්‍රභා කිරීම විසින් මුස්ලිම් ප්‍රජාවට එරෙහිව එල්ලවන පීඩාවට දේශීය විසඳුමක් නැති බව පෙනී යයි.”
ශ්‍රී ලංකාවේ බහුතරය බෞද්ධයන් වන අතර මුස්ලිම් ජනගහණයෙන් 9% ක්ද කිතුනුවන් 7% වේ. ආදාහණය කළ මුස්ලිම්වරු 50 කට වැඩි සංඛ්‍යාවක් ඇතුළුව කොවිඩ් වෛරසය නිසා මරණ 125 ක් ආසාදිතයන් 25,000 කට වැඩි සංඛ්‍යාවක් රට තුල තිබේ.
ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය ගෝටාභය රාජපක්ෂ (ගෝරා) ගේ නායකත්වයෙන් යුතු අන්තවාදී සිංහල බෞද්ධ රජය විසින් මුස්ලිම් ප්‍රජාවට එරෙහිව කරන මදි පුංචි කම්වල කොටසක් බව මේ ලියුම් කරු විශ්වාස කරයි.
Leave a Reply