
එළඹෙන අගෝස්තු 5 වන දින දෙදහස් විස්ස මහ මැතිවරණ පවත්වන බව ප්රකාශකල මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඊට පෙර ජනමාධ්‍ය වල හැසිරීම පිළිබඳ තම නොසතුට පලකලේය.
“මීට පෙර අපේ සාකච්ඡාවලදි ප්‍රකාශ කරන කරුණු වලින් මාධ්‍ය ආයතන විසින් සංස්කරණය කරන ලද කොටස් පමණක් දැමීමෙන් බරපතල හානියක් මැතිවරණ කොමිසමට සිද්ධ වුනා.” මැතිවරණ දිනය ප්‍රකාශ කිරීමට පුථම පුකාශකළ කොමසාරිස් වරයා තවදුරටත් කියා සිටියේ, ” මා එදා ප්‍රකාශ කලේ අපට දින හැටක් හෝ හැත්තෑවක් පමන යනව චන්ද විමසීම තියන්න, එයට හේතුව කොරෝණා වසංගතය විසින් ඇති කරණ ලද සීමාවන්. නමුත් මා කියා සිටියා අපට දින තිස්පහයි හතළිහයි අතර තියන්න තිබුණ එක කොරෝණා රෝගියෙක්වත් නැහැ කියල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක අනිල් ජයසිංහ මැතිතුමා කියනවනම්. නමුත් ඒක ප්‍රචාරය කරේ චනද විමසීම තැබීමට මැතිවරණ කොමිසමේ සබාපති වරයා එකම රෝගියෙක්වත් නැතිවෙන කම් බලා සිටින බවයි. එය දේශපාලකයෙක් විසින් පුන පුනා පුණරුච්ඡාරණය කළත් එම වැඩ සටහනේ හිටි පුවෟත්ති බාර නිළධාරියා වචනයක්වත් ප්‍රකාශ කළේ නැහැ”
Leave a Reply