
ඡායාරූපය කතාව සඳහා නිර්මාණය කරන ලද්දකි
ඉන්දියවේ උත්තර් ප්‍රදේශයේ කාන්පූර් පොලිසිය විසින් ‘මුහුණු ආවරණයක් රහිතව පාරේ ගමන් කල එළුවෙකු අත් අඩංගුවට ගත් බව ඉංදියාවෙන් අද වාර්තා විය.
මෙම සති අන්තයේ සිදු වූ මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසු බෙකොන්ගන්ජ් පොලිසිය විසින් එළුවාව ජීප් රථයකින් පොලිසියට ගෙන ගොස් ඇත. පසුව එය දැනගත් එළුවාගේ හිමිකරු පොලිසියට දිව ගොස් ඇත.
බැගෑපත් වීමෙන් පසු පොලිසිය විසින් එළුවාව නිදහස් කර ඇත්තේ එළු හිමියාට අවවාද කිරීමෙන් පසුවය.
මෙම හාස්‍යජනක ප්‍රවෘත්තිය පිළිබඳව අන්වර්ගන්ජ් පොලිසියේ නිලධාරියෙකු වන සයිෆුදින් බෙග් කියා සිටියේ, වෙස්මුහුණක් නොමැතිව එළුවෙකු රැගෙන යමින් සිටි තරුණයෙකු පොලීසිය විසින් දුටු බවත් ඇති බවත් ඔහු පොලීසිය දුටු විට එළුවා දමා දිවූ බවත්ය. තරුණයා අල්වා ගත නොහැකි වූ නිසා එළවාව පොලිසියට ගෙන ආ බවත් පසුව හිමි කරුට එළුවා බාර දුන් බවත්ය.
එහෙත් එළුවා ගෙනා එක් පොලිස් නිලධාරියෙක් කියා ඇත්තේ එළුවා මුහුණු ආවරණයක් නොදැමීම නිසා කොරෝනා අගුලු දැමීමේ නීතිය උල්ංඝණය වී ඇති බවයි. තමා මතය තහවුරු කිරීමට තර්කයක් ඉදිරිපත් කල ඔහු, “මිනිස්සු දැන් ඔවුන්ගේ බල්ලන්ට මුහුණු ආවරණ පළඳවති, ඉතින් ඇයි එළුවෙකුට බැරි ?” දැයි ඔහු අසයි.
සමාජ මාධ්‍යවල විහිළු තහළු බවට පත්වීමෙන් පසුව පොලිසිය විසින් එළුවා අත්අඩංගුවට ගැනීමේ කතාව වෙනස් කර ඇතැයි ඉංදියානු මාධ්‍ය වල විශ්වාසයයි.
Leave a Reply