
දසුන් රාජපක්ෂ විසිනි
සමාජයේ මුරපල්ලන් ලෙස ජනමාධ්‍ය සමූහය හැදින්වෙන්නේ ඔවුන් සත්‍යය සාපේක්ෂ අර්ථයකින් පාඨකයා වෙත ඉදිරිපත් කරන නිසාය. එහිදී බොහෝ විට සිදුවන්නේ පාඨකයා සහ රචකයා අතර බුද්ධිමය සුසංවාදයක් සහිත සම්බන්ධතාවක් ගොඩනැගීමය. ලංකාව තුළ මෙම මාධ්‍ය භූමිකාව රග දැක්වූයේ ‘ඇත්ත’ පුවත්පතයි. ‘ඇත්ත’ පුවත්පත යනු යථාර්ථවාදී මාධ්‍ය කලාවක නිරත වූ පුවත්පතකි. වාර්ථාකරණයේ දී ඔවුන් පාඨකයා වෙත දැනුම් දෙන්නේ පුවතක් යනු සිදුවූ දෙයක සැබෑම අර්ථය නොව එහි පැතිකඩයන් කිහිපයක් නියෝජනය කරන (මූලාශ්‍ර කිහිපයක් උපුටා දැක්වීම) දෙයක් බවයි. එකල සමාජය තුළ පැවති යථාර්ථය ඔවුන් ජනතාව සමග බෙදාගත්තේ ඒ ආකාරයෙනි. මෙම ලක්ෂණ හරහා මෙවැනි වාර්ථාකරණයන් යථාර්ථවාදී මාධ්‍යකරණය ලෙස හැදින්විය හැකිය. යථාර්ථවාදී මාධ්‍යකරණය තුළ සිදුවන්නේ පුවතක් වාර්තා කිරීමේ දී එය සදාචාරවාදී ක්‍රියාවක් ( Moral Act) වශයෙන් මාධ්‍යවේදියා විසින් හදුනාගනු ලැබ තිබීමයි. මෙහිදී සදාචාර ක්‍රියාවක් යනුවෙන් හදුන්වන්නේ තමා ලියන දේ තුළින් සමාජයේ අනෙකුත් කොටස් වලට සිදුවන බලපෑම පිළිබදව අවබෝධයකින් යුතුව ඊට වගවීමට බැදී සිටීමයි. (A moral is a message conveyed or a lesson to be learned from a story or event. The moral may be left to the hearer, reader or viewer to determine for themselves, or may be explicitly encapsulated in a maxim.).
‘ඇත්ත’ පුවත්පත වසා දැමුණු පසුව එකල සමාජයේ පැවති අඩුව පිරවීමට සමත් වූයේ වික්ටර් අයිවන් විසින් සර්වෝදය හරහා ‘බලය’ සගරාව ලෙස ආරම්භ කර පසුව ‘රාවය’ ලෙස නම වෙනස් කොට ප්‍රකාශයට පත් වූ සතිඅන්ත පුවත්පතයි. ‘රාවය’ පුවත්පතේ විශේෂත්වය වන්නේ ‘ඇත්ත’ පුවත්පත අනුගමනය කළ සදාචාරවාදී මැදිහත්වීම වෙනුවට ආචාරධර්මීය (Ethical) මැදිහත්වීමක් අනුගමනය කිරීමයි. ‘රාවය’ කර්තෘ මණ්ඩලය විසින් වාර්තාකරණයේ දී පිළිපැදිය යුතු ආචාරධර්ම පද්ධතියක් සකසා ගෙන එය කාර්යාල බිත්තියේ එල්ලන්නේ ඒ නිසාය. ‘රාවය’ පුවත්පතේ මාධ්‍යවේදීන් පාඨකයා සමග සම්බන්ධ වන්නේ ඔවුන් අනුගමනය කළ ආචාරධර්ම ඔස්සේය. ‘රාවය’ මාධ්‍යවේදියාගේ වාර්තාකරණය තුළ ඔහු පුවතක් වාර්තා කිරීමේ දී ඊට සමාජයේ මැදිහත්වීමක් ඉල්ලන අතර මැදිහත්වීම් නොකරන පාර්ශවය අදාළ කර නොගනියි. යම්කිසි සිද්ධියකට අදාළව පළ කරන පුවත හෝ විශේෂාංගය හා ඊට අදාළ සැබෑ සිදුවීම අතර පවතින පරතරය පිළිබදව ඔවුන් පාඨකයාව දැනුම්වත් කරමින් තමා ලියන දෙයින් තමා නිදහස් වෙයි. රාවයේ ආචාරධර්මවල ( Ethics is the branch of philosophy that involves systematizing, defending, and recommending concepts of right and wrong conduct.[1] The term ethics derives from the Ancient Greek word ἠθικός ethikos, which is derived from the word ἦθος ethos(habit, “custom”). The branch of philosophy axiology comprises the sub-branches of Ethics and aesthetics, each concerned with concepts of value ) සැබෑ ස්වභාවය වන්නේ යථාර්ථය පරාවර්ථනය කිරීමට හැකිදැයි ප්‍රශ්න කරමින් ලිවීම හරහා ඊට විසදුම් ලෙස විවිධ යථාර්ථයන් ඉදිරිපත් කිරීමයි. මේ හරහා ‘රාවය’ නූතනවාදී ( Modern) මාධ්‍ය කලාවක නිරතවන බව සූත්රගත කළ හැකිය.
අප මෙතෙක් කථා කළ ‘ඇත්ත’ ( යථාර්ථවාදී මාධ්‍ය කලාව ) හා ‘රාවය’ ( නූතනවාදී මාධ්‍ය කලාව) භාවිතාවන් වල සමානකම වන්නේ පුවතක් යනු යථාර්ථයේ එක් පැතිකඩක් බව සමාජයට ඥාණනය කිරීමයි. එමෙන්ම මෙම පුවත්පත්වලට ප්රාග්ධනය (Capital) අදාළ නැත. මෙහිදී ප්රාග්ධනය ලෙස අදහස් කළේ – ගෝලීය ප්‍රාග්ධනයයි. එමෙන්ම සදාචාරවාදී වාර්ථාකරණය සහ ආචාරධාර්මික මාධ්‍ය කලාව තුළ පවතින වෙනස පිළිබදව අප අවධාරණය කරගත යුතුය. ඒ මන්ද බොහෝ මාධ්‍යවේදීන් Moral & Ethics යන වචන දෙකෙහි අර්ථය පිළිබදව පවා දැනුවත් නැත.
දැන් අපි වර්ථමානය දෙසට යොමු වෙමු. අප ගතකරමින් සිටින කාලය අපට පශ්චාත් නූතනවාදී ( Post-Modern) යුගය ලෙස නම් කළ හැකිය. මේ යුගයේ දී අපට සදාචාරය හා ආචාරධර්ම පිළිබදව කථා කිරීම වඩාත් අසීරුයි. ඊට ප්‍රධානතම හේතුව වෙන්නේ මාධ්‍ය යනු ප්රාග්ධනය ප්‍රසාරණය කිරීමට යොදාගන්නා මෙවළමක් බවට පත්ව තිබීමයි. මේ තත්ත්වය තේරුම් ගැනීමට අපි උදාහරණයක් වෙත පිවිසෙමු. මහරාජාගේ මාධ්‍ය ආයතනවල මාධ්‍ය භාවිතාව යෙදවෙන්නේ ප්රාග්ධනය ප්‍රසාරණය කිරීම සදහායි. අපි ඉහතදි සදහන් කළා වගේ මේ අය හොදින් දන්නවා යම් ප්‍රවෘත්තියකින් යථාර්ථය සම්පූර්ණයෙන් ආවරණය කරන්න බැහැ කියලා. ඒත් ඔවුන් එතනදි ප්රාග්ධනයේ පැවැත්ම උදෙසා මාධ්‍ය කිසිවිටෙක නොකළ යුතු කැත වැඩක් කරනවා. මහරාජාගේ බිස්නස් වල පැවැත්ම උදෙසා සිරසේ ප්රවෘත්ති වාර්තා කිරීමේ ක්‍රමවේදය තමයි සැබෑව (Real) ප්‍රතිව්‍යුහගත කිරීම. අපි හැමෝම දන්නවා පෝර්ට් සිටි එක හදන්න උත්සහ කෙරෙන්නේ පරිසර වාර්ථා තක්සේරු නොකරයි. ‘සිරස’ පෝර්ට් සිටි එකට අදාළ ප්රවෘත්ති වලදි මේ කාරනය සදහන් කරන්නේ නැහැ. එහෙම කළොත් ඒක ප්රාග්ධනයට භාධා එල්ල කරනවා. ඒ නිසා ඔවුන් මේ කරුණු වහලා (සැබෑව වෙනුවට) ප්‍රවෘත්තිය ප්රතිප්රබන්ධගත (Fiction) කරනවා. ඔවුන් එහිදී සන්දර්ශනාත්මකව ගඩොල් කැට ප්‍රදර්ශනය කරමින් ජාතීන් අතර සංහිදියාවක් ගැන කථා කරනවා. ප්රාග්ධනයේ පැවැත්ම තහවුරු කිරීම සදහා ඔවුන් විසින් ප්රවෘත්ති තමන්ගේ ප්රතිප්රබන්ධගත කිරීම් හරහා simulate කර fiction ජනතාවට සන්නිවේදනය කරනවා. මෙය එක්තරා ආකාරයකට මාධ්‍යයේ කඩාවැටීම ප්රකාශමාන කරනවා. පශ්චාත් නූතනවාදී මාධ්‍ය භාවිතාව තුළ සදාචාරය කිසිදු ආකාරයකින් අදාළ වන්නේ නැත.
මෙම ලිපිය ඔස්සේ ලංකාවේ මාධ්‍ය භාවිතාව කොටස් තුනකට බෙදා වෙන් කර පෙන්වා දී තිබෙනවා.
- යථාර්ථවාදී මාධ්‍ය භාවිතාව.
- නූතනවාදී මාධ්‍ය භාවිතාව.
- පශ්චාත් නූතනවාදී මාධ්‍ය භාවිතාව.
අද වනවිට පවතින ඕනෑම මාධ්‍ය ආයතනයක් ක්‍රියාත්මක වන්නේ මේ භාවිතාවන් තුනට අනුවයි. ඒ නිසා විශේෂයෙන්ම ‘තරුණ ජනමාධ්‍යවේදීන්’ ලෙස අපි මේ වෙන්කිරීම සිදු කරනු ලැබුවා. ජනමාධ්‍ය නැවත ප්‍රතිව්‍යුහගත කරන්නේ නම් අපි මේ කරුණු මත පදනම්ව අනාගත සැළසුම් සකස් කළ යුතුය. එමෙන්ම යහපත් මාධ්‍ය භාවිතාවක යෙදීමට මේ කරුණු පිළිබදව අවබෝධය අනිවාර්යයෙන්ම තමා සතුව පැවතිය යුතුයි. ඒ නිසා අපි මේ යුගය තුළ කළ යුත්තේ යථාර්ථවාදී හා නූතනවාදී මාධ්‍ය භාවිතාවන් තුළ පවතින සාධනීය ලක්ෂණ නැවත ස්ථාපිත කෙරෙන වටපිටාවක් සකස් කිරීමයි.
අද වනවිට පුද්ගලයා සහ යථාර්ථය අතරට ජනමාධ්‍ය රිංගා ඇත. සරලව කිවහොත් අප අවට සිදුවන දේවල් පුද්ගලයා තේරුම් ගන්නේ ජනමාධ්‍ය මගින් පෙන්වන, ඇසීමට ලක් කරන හෝ ලියා පෙන්වන දේවල් මගිනි. ඒවා බලන දකින අසන අය යථාර්ථය ලෙස තේරුම් ගනු ලබන්නේ ජනමාධ්‍ය මඟින් සංස්කරණය කරන දේවල්ය. නමුත් ඒ මගින් යථාර්ථය නිරූපණය නොවන අතර යථාර්ථයේ යම් කොටසක් පමණක් රූපාන්තරණය වෙයි. එම සත්‍ය මෙම ලිපියෙහි ඉදිරි වචන මගින් ඔබට තේරුම් කර දීමට මම උත්සාහ කරමි.
කලින් මා සඳහන් කළ පරිදි පුද්ගලයා සහ යථාර්ථය අතරට මේ යුගයේ රිංගා තිබෙන්නේ ජඩමාධ්‍යයි. ලෝකය පාලනය වන ධනවාදී සමාජ ක්රමයේ වෙනස් වීමත් සමග ජනමාධ්‍ය ආයතනවල භාවිතාවන්ද වෙනස් වී තිබේ. ඒ බව ජනතාව තේරුම් නොගන්නා තෙක් ජනමාධ්‍යයට ජනතාව රැවටිය හැකිය. මාධ්‍ය ආයතනවල හිමිකරුවන්ගේ අවශ්‍යතා මෝඩ ජනතාවගේ මොළවලට දමා දේශපාලනය සහ ජනතා නියෝජිතයන් පත්කරවීමට ඔවුන්ට අවශ්‍ය ලෙස ජනමතයක් අලුතින් සකස් කළ හැකිය. අද මාධ්‍ය ආයතන මගින් සිදුකරන්නේ එලෙස ජනතාව ගොනාට ඇන්දවීමයි. ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවන් සහ තාක්ෂණයේ දියුණුව සමඟ මේ මොහොතේ ජනමාධ්‍ය සහ මාධ්‍යවේදීන් වෙනස් වී තිබෙන ආකාරය ඔබ තේරුම් ගත යුතුය.
සමහර මාධ්‍ය ආයතන තවමත් සම්භාව්‍ය ආකාරයට ප්රවෘත්ති වාර්තාකරණයෙහි නියැළෙයි. එහිදී මාධ්‍ය වාර්තාවක් මගින් සිදු වන්නේ සමාජ ප්රතිරූප වලට යථාර්ථය සමඟ තිබෙන සම්බන්ධය සෘජුව ප්‍රකාශ කිරීමයි.
යම්කිසි සිදුවීමකට අතින් යමක් නොදමා සංස්කරණය කොට ඒ සිදුවීම සෘජුව ජනතාවට සන්නිවේදනය කිරීම සම්භාව්‍ය ආකාරය තුළ සිදුවෙයි. යහපත් මාධ්‍යකරණයක් ඉන් සිදු උවද එවැනි මාධ්‍ය ආයතන මෙරට තිබෙන්නේ අතලොස්සකි.
සමහර මාධ්‍ය ආයතන යථාර්ථය විකෘති කර සකස් කළ වාර්තා මගින් ජනතාවට එම විකෘති කළ සිදුවීම වාර්තා කරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අද සිටින බහුතරයක් පූජ්‍ය පක්ෂයේ උදවිය භාවිතා නොකරන බව අපි දනිමු. ඔවුන් මාධ්‍ය ආයතන වලට ලබා දෙන වොයිස් කට් සත්‍ය ප්‍රකාශ ලෙස ජනමාධ්‍යයෙන් අපට ඉදිරිපත් කර පෙන්නුවද ඇත්තටම ඒවා විකෘති කරන ලද බුදු දහමේ අඩංගු නොවන කරුණු කාරණාය. නමුත් මෝඩ මිනිසා මාධ්‍ය මගින් මෙලෙස විකෘති කර පෙන්වන යථාර්ථය සත්‍ය ලෙස තේරුම් ගෙන දෙමළාට හෝ මුසල්මානුවාට හෝ තම අසල්වැසියාට කෙළවීමට බලා සිටී. එලෙස සිදු වන්නේ යම් සිදුවීමක් විකෘති කර ජනමාධ්‍ය මගින් ජනතාවට පෙන්වන බැවිනි. විශේෂයෙන් මෙරට තුළ ජාතීන් අතර ජාතිවාදය ඇති වීමට මෙය ප්‍රබල සාධකයක් වී තිබේ. දිවයින පුවත් පත සහ දෙරණ නාලිකාව ජාතිවාදය ඇවිස්සවීම මේ මොහොතේ හොඳට කරගෙන යයි. කිසිදු හේතුවක් නැතිව මිනිසුන් ජාතිවාදීන් වන්නේ මේ මාධ්‍ය ආයතන මගින් පෙන්වන දේවල් හරහාය.
තවත් මාධ්‍ය ආයතන අලුතින් සෙල්ලමක් පටන් ගෙන ඇත. ඔවුන් කරන්නේ යථාර්ථය තුළ වූ යම් සිදුවීමක් ගෙන එහි නිරූපණය කෙරෙන යථාර්ථය සම්පූර්ණයෙන් ඉවත්කර මාධ්‍ය ආයතනය මගින් අලුතින් සෑදූ යථාර්ථයක් ජනතාවට සන්නිවේදනය කිරීමය. ඊට උදාහරණයක් ලෙස හිරු නාලිකාව දුමින්ද සිල්වා සිරගෙයින් නිදහස් කරගැනීමට ප්රවෘත්ති විකාශනයන් තුළ මිනිසුන්ට පෙන්වන යථාර්ථයට කිසිදු සම්බන්ධයක් නැති ඔවුන් අතින් දමා සකස් කළ මාධ්‍ය වාර්තා සැලකිය හැකිය.
තවත් සරළ කොට පවසනවා නම් යථාර්ථය සම්පූර්ණයෙන්ම මාධ්‍ය ආයතනය මගින් අවශෝෂණය කර ගෙන එය මාධ්‍ය ආයතනයට අවශ්‍ය ප්රතිරූප මගින් ප්‍රතිනිර්මාණය කිරීමයි. කිතුනුවකු වන දුමින්ද සිල්වා හොඳ ධාර්මික පුද්ගලයෙකු බව හාමුදුරුවරුන්ගෙන් වොයිස් කට් ගෙන හිරු නාලිකාව මගින් ප්රවෘත්ති වල පෙන්වීම ඊට උදාහරණයක් ලෙස ගත හැකිය. අවශ්‍ය නම් මේ හාමුදුරුවරුන්ට වොයිස් කට් සාදුලා ලෙස අලුතෙන් නමක් පටබැඳිය හැකිය. මෙම වොයිස් කට් ලබා දෙන්නේ තමාගේ පුද්ගලික සුඛ විහරණය සඳහා පමණක් බව බුද්ධිමත් ජනතාව තේරුම් ගත්තද මේ රට තුළ බහුතරයක් සිටින මෝඩ මිනිසුන් තේරුම් ගෙන නොමැත .
තවත් මාධ්‍ය ආයතන කොටසක් මේ වන විට බාහිර යථාර්ථය වාර්තා කිරීම වෙනුවට යථාර්ථය වේශ නිරූපණය කරමින් සිටියි.යම් සිදුවීමක මුල් පිටපත තුළ නැති දෙයක් හරහා අලුතින් පිටපතක් සකස් කර ජනතාවට සන්නිවේදනය කරවීම ඔවුන්ගේ අරමුණයි. මෙම ආයතන යථාර්ථය අලුතින් ප්රබන්ධගත කරයි. එලෙස යථාර්ථය ප්රබන්ධගත කර අලුතින් සෑදූ යථාර්ථයක් ඉදිරිපත් කිරීම මහරාජාගේ මාධ්‍ය ආයතන තුළ බහුලව දැකිය හැකිය.
තවත් සමහරක් මාධ්‍ය ආයතන යථාර්ථය අලුතින් ප්රබන්ධගත කර සැකසූ ව්‍යාජ පිටපතේ ලක්ෂණ මුල් පිටපතට දමා එසේත් නැතහොත් යථාර්ථයේ සිදුවු සිදුවීමකට අලුතින් යථාර්ථයක් සකස් කර මාධ්‍ය වාර්තාවන් මගින් ඉදිරිපත් කරයි. රේනෝ සිල්වාගේ හිරු මාධ්‍ය ජාලය බොහෝ විට මෙලෙස සිදු කරයි.කාගෙන් හෝ වොයිස් කට් එකක් ගෙන එය යථාර්ථයේ සිදුවූ සත්‍ය සිදුවීමට සම්බන්ධ කොට ඔවුන්ට අවශ්‍ය වෙනස්ම යථාර්ථයක් ජනතාවට පෙන්වයි. එය බලන සාමාන්‍ය මිනිසා මේ දේ සත්‍ය ලෙස ගනියි. ලංකාවේ බහුතරයක් සිටින්නේ එවැනි මිනිසුන් පිරිසකි. අවසානයේ මට කීමට ඇත්තේ එවැනි මිනිසුන්ට රාවණා දෙවියන්ගේම පිහිට ලැබේවා කියාය. ස්තුතියි!
Leave a Reply