ලෝක සංගීතය රසවිඳිමු – සවන් දෙන්න රාස්ම් අල්මාෂාන්ගේ හඬින් වර්ණවත් යේමනය
රස්ම් අල්මාෂාන් පෝලන්ත – යේමනයේ සම්භවයක් ඇති ගායිකාවකි. 1981 දී පෝලන්තයේ – ක්රකෝව් හිදී උපත ලබා හැදී වැඩුණේ යේමනයේ ඒඩන් හි ය. ඇය ප්‍රධාන වශයෙන් ලෝක සංගීතය සහ එහි පර්යේශණාත්මක වැඩිදියුණු කිරීම් 1999 සිට සිදු කරයි. “යේමීනියා” නම් වූ ඇයගේ සංගීත ඇල්බමය 90 දශකයේ මුල් භාගයේ යේමනයේ කතන්දර සහ ඇගේ ජීවිතයෙන් ආභාෂය ලැබී නිඒමාණය වූවකි. යේමනයේ ජීවත් වූ අප්‍රිකාවේ සංක්‍රමණිකයන් ද රාස්ම්ගේ සංගීතයට විශාල බලපෑමක් ඇති කළේය. ඇගේ සංගීතය වර්ධණය වන්නේ ජීවිතය, මිනිසුන් සහ සංස්කෘතිය පිළිබඳ ඇයගේම නිරීක්ෂණ මගිනි. මෙහි දැක්වෙන ගීත ඇතුළත් ඇල්බමය රාස්ම්ගේ පවුලේ අයට සහ යේමනයේ සාමය…
Continue Reading ලෝක සංගීතය රසවිඳිමු – සවන් දෙන්න රාස්ම් අල්මාෂාන්ගේ හඬින් වර්ණවත් යේමනය
“ජොෂුවා බෙල්” රසවිඳිමු.
ඔහුගේ සංගීතය ගැන මගේ අවධානය මුලින්ම යොමු වූවේ “Ladies in Lavender” චිත්‍රපටය නැරඹීමෙන්ය. එය බ්‍රිතාන්‍ය තිර රචකයකු වන නිර්මාපකයෙකු වන නයිජල් හෙස් විසින් රචනා කර චාල්ස් ඩාන්ස් අධ්‍යක්ෂණය කර 2004 තිරගත වූවකි. චිත්‍රපටය පුරා පසුබිමින් ගලා යන සංගීතය තුල වැයෙන වයලිනයෙ නාදය චිත්‍රපටයේ අධ්‍යාත්මයත් සමග ඇති බැඳීම නිසා එම සංගීතය සවන් දීමට පෙර චිත්‍රපටයේ කතාවස්තු අවබෝධ කර ගැනීම වැදගත් බව මම විශ්වාස කරමි. “ලැවෙන්ඩර් හි කාන්තාවන්” Ladies in Lavendra” කතාවට පසු බිම් වන්නේ 1936 කාලයේ එන්ගලන්තයේ කෝන්වෝල් හි පිහිටි සුන්දර වෙරළබඩ ධීවර ගම්මානයකි. පෝලන්තයේ සිට ඇමරිකාට යමින් සිටින වයලීන වාදකයෙකු…
‘හෘද සූත්‍ර’
මෙය ජපන් සෙන් බෞද්ධ භික්ෂුවක් වන යෝගෙට්සු අකාසකා විසින් රචිත ජපන් ‘හෘද සූත්‍ර’ වාචික සජීවී ලූප් රීමික්ස් ය. දෑස් පියා සවන් දී බලන්න, ඔබේ මනසට නැවුම් අත්දැකීමක් වේවි. https://youtu.be/nvIGCMhjkvw ඔබට හිතෙන දේ අපට ලියන්න
සම්භාව්‍ය සංගීතයේ වඩාත් ජනප්‍රිය සංගීත කාණ්ඩ
පහත පල වන්නේ ලෝක සංගීතයෙන් මා ප්‍රියකරන සංගීත කාණ්ඩ කීපයක්. මේවා ලෝකයේ වඩාත්ම ජනප්‍රිය සම්භාව්‍ය සංගීත තනු වන අතර ඔබේ දැනුම සඳහා ඒවා පිළිබඳ කෙටි සටහනක්ද ඒ සමග ඇත. නිවීසැනසිල්ලේ ඇස් පියාගෙන පහත දැක්වෙන සංගීත කාණ්ඩ එකින් එකට සවන් දී බලන්න. එය ඔබේ පීඩාකාරී මනෝභාවය වෙනස් කරන්නේ කෙසේද කියා. සංගීතය මනෝ විද්‍යාවේ වැදගත්ම කාරණයක් වන්නේ සංගීතය චිත්තවේගීය අත්දැකීම් වලට බලපාන ආකාරය නිසාය. සවන් දෙන්නන් තුළ නැවුම් හා ප්‍රබෝධමත් චිත්තවේගීය ප්‍රතිචාරයක් ඇති කිරීමට සංගීතයට හැකියාවක් ඇත. ධනාත්මක හැඟීම් සංගීත අත්දැකීම්වල අන්ථර්ගත වේ. ප්‍රසන්න සංගීතය ඩොපමයින් වැනි හැඟීම් සමඟ සම්බන්ධ ස්නායු සම්ප්‍රේෂක…
Continue Reading සම්භාව්‍ය සංගීතයේ වඩාත් ජනප්‍රිය සංගීත කාණ්ඩ