
“මිත්‍යාව සත්වයා තිරිසනෙකු කරන අතර කලාව ඔහු මිනිසෙකු කරයි”.
ඉහත ඡායාරූපය පිළිබඳ ස්වයංකථණය – අනුරුද්ධ ලොකුහපුආරච්චි
මෙම ඡායාරූපය සංස්කරණය පිළිබඳ විශ්ව විද්‍යාල අධ්‍යාපණයේ අත්හදාබැලීමක් ලෙස කරන ලද්දකි. එහි අභ්‍යාසය වන්නේ තනි ඡායාරූප ගත කිරීමකින් පල කල නොහැකි කතාවක් ඡායාරූප ගනණාවක් එකලස් කිරීමේ අවසාන ප්‍රථිපලය වන එක් ඡායාරූපයක් තුලින් ඉදිරිපත් කිරීමයි.
මෙම ඡායාරූපය නිර්මාණයේදි මගේ පරිකල්පනය යොමු වූවේ සංස්කෟතිය සහ යථාර්තය අතර මිනිසාගේ දෝලනයයි. සංස්කෘතිය සහ යථාර්තය අතර බොඳව ඇති බෙදුම් රේඛාව මිනිසාව මිත්‍යාවට වඩාත් යොමු කරනු ලබයි. එහිදී මිනිසා තුල ජිවත්වන තිරිසනා විසින් ඔහුව පාලනය කරන්නේය. එහෙත් ඒ බොඳවූ බෙදුම් රේඛාව දෙස සෞන්දරයාත්මක ලෙස බැලීමෙන් අපට ඒ මිත්‍යාවෙන් ගැලවිය හැක. අප එයට කලාව යයි කියමු. කලාව යනු මිත්‍යාව නොවන අතර සත්‍යයද නොවේ. මිත්‍යාව තුල ඇති සෞන්දර්ය්ය කලාව වන අතර ඒ කලාව මිනිසාට ආත්මීය සහනයක් ගෙන දෙයි.
මම පුංචි කාලේ කරුවළේ ගෙදරින් එළියට ඇවිත් හඳ දිහා බලන් ඉන්නව. එවිට මට සිතුනෙ හඳේ තියෙන ඒ අඳුරු පැල්ලම් හඳේ ඉන්න හාවගෙයි කියල. කාලෙකට පස්සෙ දැන ගත්ත මිනිස්සු රොකට්ටුවකින් ඒ හඳට ගියා කියල. එයින් පස්සෙ හඳ දිහා බලල හෙව්වෙ හඳට ගිය රොකට්ටුව. තාත්තගෙ දුරබලන කණ්නාඩියත් අරගෙන කරුවළේ මිදුලට වෙලා හඳට ගොඩ බැහැපු රොකට්ටුව හොයද්දි මට හාවව මතක නැතිවුනා. රොකට්ටුව කවදාවත් හොයාගන්න බැරිවුනා විතරක් නෙවෙයි ඊට පස්සෙ කවදාවත් මම හාවව දැක්කෙත් නැහැ.
හඳේ හාවෙක් ඉන්නව කියල හිතාගෙන ඒ ගැන චිත්‍ර අඳින එක කවි ලියන එක…ඒක කලාව. අපේ හිත් වල සෞන්දර්ය නිසා ඒව බිහිවෙනව. නමුත් හඳේ හාවෙක් ඉන්නව කියල දුන්නක් අරන් විදින එක….ඒක මිත්‍යාව.
“මිත්‍යාව සත්වයා තිරිසෙනකු කරන අතර කලාව ඔහු මිනිසෙකු කරයි”.
ඉහත ඡායාරූපය සැකසීමට රූප සටහන් දහ හතරක් පාවිච්චි කෙරුවෙමි. එයින් සමහරක් ඡායරූප නොවන අතර පුවත් පත් වලින් කපා ගත් හැඩතල වේ. ඡායාරූපයේ ගස විසින් සංඛේතවත් කරනුයේ සොබාදහමේ අනන්‍යතාවයයි. මිනිසා අත ඇති දුන්න විසින් මිථ්‍යාව සංඛේතවත් කරන්නේය. බල්ලාගේ රූපය විසින් මිනිසා තුලින් එළියට එන තිරිසන් ස්වරූපයත්, හඳ සහ හාවාගේ රූප විසින් කලාව තුල ඇති සෞන්දර්යත් සංඛේතවත් කරයි. ළමා වියේ විඳි සෞන්දර්ය ස්මරණය කරන වයෝවෟද්ධ බාවයට එළඹෙමින් සිටින්නෙකුගේ මනස මෙම ඡායාරූපය පුරා ඇති දුඹුරු පැහැ පෙනුමත් කඩතොළු ස්වරූපයත් විසින් සංඛේතවත් කරයි.
මෙවන් ඡායාරූපයක් අද පරිඝණක ආශ්‍රිතව ඉතා පහසු තාක්ෂණයක් ඔස්සෙ කල හැකි වුවත් ඡායාරූපකරණයේ ආරම්භයේ සිටම ඡායාරූප එකලස් කිරීම තුලින් එක් ඡායාරූපයක් බිහිකිරීම සිදුවී තිබේ. නොමග යැවීම සඳහා එසේ නැතහොත් ප්‍රවෟත්ති ඡායාරූප කලාවේදී පාඨකයා නොමග යැවීම සඳහා ඡායාරූප එකලස්කර පලකීරීම සදාවාර විරෝධී ලෙස ප්රවෘත්ති ඡායාරූප කලාවේදී හඳුන්වන අතර ප්රවෟත්තිවලින් මෙහා වූ විශේෂාංග ලිපි සඳහා මෙවන් ඡායාරූප යොදාගැනීම පාඨකයන්ට නුපුරුදු දෙයක් නොවේ.
ඒ කෙසේ වෙතත් මෙය ජායාරූපකරණයේ උප විෂයක් හැටියට වර්ධණය වී තිබේ. විශේෂයෙන්ම මෙය සිනමා කලාවේ ප්‍රචාරණය සඳහා යොදාගත් පැරණි සහ ජනප්‍රිය ඡායාරූප මාධ්‍යයකි. සරළව මේ ගැන කියනවා නම් මෙය එක්තරා විදිහකට මායාවක් නිර්මාණය කිරීම සඳහා ඡායාරූප වෙනස් කිරීමයි. කලා ආකෘතියක් ලෙස පුළුල් පිලිගැනීමක් ඇති මෙම විෂය හැසිරවීම සඳහා කුසළතාවය මෙන්ම පරිකල්පණය අත්‍යවශ්‍ය සාධකයකි. ෆොටෝෂොප් සහ වෙනත් ඡායාරූප සංස්කරණ මෙවලම් භාවිතා කරමින් ඩිජිටල් කලාකරුවන් මෑතකදී එය මනස්කාන්ත මට්ටමට ගෙන ගොස් ඇති අතර, ආශ්චර්යමත් හා අඳුරු පරිසරයේ සිට අමුතු හා වෙනත් ලෝක සතුන් දක්වා සියල්ල නිර්මාණය කරයි. එවන් කීප දෙනෙක් නම්, ක්‍රිස්ටෝෆ් ගිල්බට්, රිකාඩෝ බග්නෝලි, ගැරිගෝසා චිත්‍රාගාරය, එරික් දානමය, ස්ටෝඩින්ගර් සහ ෆ්රෑන්ක්, ලා සූරිස් සුර්, ලෙ ගේටෝ, කුවොන්ග් ගුයීන්, ෆ්රෑන්ක් උයිටන්හෝව්, ඇන්ඩ්‍රික් ලුබොඩ්රැග් සහ එල්එස්ඩී ඡායාරූප ශිල්පී ආදීන්ය.
“සතියේ ඡායාරූප කතාබහ” අරමුණ ඡායාරූප කලාවට සංවාදාත්මක ප්‍රවිශ්ඨයක් ලබාදීමයි. මෙහි පලවන ඡායාරූපය පිළිබඳ ඔබට ඔබේම අර්ථකථණයක් තිබෙන්නට පුළුවනි. ඡායාරූප ශිල්පීන්ට හෝ එයට ලැදියාවක් දක්වන ඕනෑම අයෙකුට මේ පිටුවේ පලවන ඡායාරූප ඇගයීමට හෝ විවේචණය කිරීමට අවස්ථාව ඇත.
ඔබේ ඕනෑම අදහසක් නිදහසේ ඔබ කැමති මාද්‍යයකින් ලියා අපට එවන්න. සංස්කරණයකින් තොරව එය සුළඟේ වේගය “සතියේ ඡායාරූප කතා බහ” හි පලකරන්න අප සූදානම්. එය ඡායාරූප කලාවේ ගුණාත්මක වර්ධණයට පිටුවහලක් වෙතැයි “සුළඟේ වේගය” යෙහි අප කණ්ඩායම විශ්වාස කරමු.
විෂය යනුවෙන් ඇති ස්ථානයේ “සතියේ ඡායාරූප කතාබහ” යනුවෙන් සඳහන් කරන්න, අපට ලිවීමට මෙම දිගුව ඔස්සේ යන්න.”
Leave a Reply