
පානදූර ප්‍රදේශයේදී හදිසි අනතුරක් සිදුකළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඉරිදා උදෑසන අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. අළුයම පහට පමණ සිදුවූ මෙම අනතුරෙන් වයෝවෟද්ධ 64 හැවිරිදි අයෙකු මියගොස් තිබේ. අද උදෑසන 5.15 ට පමණ මෙන්ඩිස්ගේ රථය බයිසිකලයක ගැටීමෙන් එය සිදුව ඇතැයි පොලිසිය පවසයි.
මිය ගිය අයගේ මරණයට හේතු වූවේ මෙම අනතුර බැවින් රථය ධාවනය කල කුසල් මෙන්ඩිස්ව අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙන්ඩිස් පානදුර රෝහල වෙත ගෙන ගොස් එහිදී ඔහු මත්පැන් පානය කර ඇත්ද යන්න පරීක්ෂා කර ඇති අතර පානදුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මෙන්ඩිස් 2015 සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙක් වේ. ඔහු ක්‍රිකට් තරඟ 44 ක් සඳහා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති අතර ලකුණු 36.97 ක ප්‍රතිශතයක් සහිතව ලකුණු 2995 ක් ලබා ගැනීමට සමත්ව ඇත. ඔහු එක්දින තරගවලදී ලකුණු 30.00 ක සාමාන්‍යයක් ලබා ගනිමින් ලකුණු 2100 කට වඩා ලබාගත්තේය. මෙන්ඩිස් අවසන් වරට ක්‍රීඩා කලේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව වන අතර එහිදී ඔහු එක්දින තරගාවලියේදී ශතකයක් සහ අර්ධ ශතකයක් රැස් කෙරුවේය. 2017 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වාර්ෂික සම්මාන උළෙලේදී 2016–17 සඳහා වසරේ එක්දින ජාත්‍යන්තර පිතිකරුවා ලෙසද ඔහුව නම් කරන ලදී.
Leave a Reply